අප ගැන

සියවසකට අධික කාලයක් පුරා සන්නිවේදනයේ සහ ජනමත ප‍්‍රධානියෙකුසේ ප‍්‍රමුඛ ආධිපත්‍ය දරමින් සිටි නූතන මාධ්‍ය හෙවත් පුවත්පත, ගුවන් විදුලිය සහ රූපවාහිනියට තම සන්නිවේදන හා ජනමතය සකස් කිරීමේ ප‍්‍රමුඛ අධිපත්‍ය අත්හැරීමට සිදුවී ඇත. ඒ නව මාධ්‍ය හෙවත් අන්තර්ජාලය, මුහුණුපොත ඇතුළු නව මාධ්‍ය බිහිවීම හා එහි පුළුල් වූ ද ප‍්‍රබල වූ ද ව්‍යාප්තියේ ප‍්‍රතිඵලයක් වශයෙනි. මේ තත්ත්වය තුළ වර්තමානයේ සන්නිවේදනයේ සහ ජනමත නිර්මාණයේ පමණක් නොව මහජන සම්බන්ධතාවේද, අධ්‍යාපනය හා දැනුම ලබා ගැනීමේ ද ප‍්‍රධාන වේදිකාව බවට නව මාධ්‍ය පවත්ව ඇත.

එහෙත් ශ‍්‍රී ලංකාව තුළ නව මාධ්‍ය භාවිතයේ, විශේෂයෙන් අන්තර්ජාල පුවත් අඩවි භාවිතයේ දැඩි විෂමතා පවතින අතර එහි ප‍්‍රමුඛ දුර්වලතා සහ සීමිතතා ද රැුසක් හඳුනා ගත හැකිය. ඒ අතර,

  • ප‍්‍රවෘත්ති (News)සන්නිවේදනය කරනු වෙනුවට හුදු තොරතුරු (infomation) බෙදා හැරීම /මුදා හැරීම.
  • ප‍්‍රවෘත්ති රචනයේ දී අනුගමනය කළ යුතු පිළිගත් භාවිතය නොතකා හැරීම (W5H1)හෝ ඒ ගැන කිසිඳු ආකාරය
  • ප‍්‍රවෘත්ති සම්පාදනයේ පිළිගත් භාවිතයක් වන  A+B+C=C භාවිතය සිදු නොවීම
  • ගවේෂණාත්මක වාර්තාකරණයක් හෝ ගැඹුරු විශ්ලේෂණාත්මක වාර්තාකරණය අතිෂය සීමිත වීම හෝ නොදැකිය හැකි තරම් වීම.
  • දත්ත හා පර්යේෂණාත්මක වාර්තා මත පදනම් වූ ගැඹුරු හෝ ශාස්ත‍්‍රීය වාර්තාකරණයක් සිදු නොවීම හෝ අවම වීම
  • විශේෂාංග සන්නිවේදනය දුර්වල වීම
  • වෘත්තීයභාවයෙන් තොරවීම /දුර්වල වීම
  • ආකර්ෂණීය භාවය සහ ප‍්‍රාසාංගිකභාවය දුර්වල වීම.
  • පුරවැසි මාධ්‍යකරණයට අවම අවකාශය
  • මධ්‍යස්ථභාවය පිළිබඳ ගැටලූ

ඇතුළු ප‍්‍රමුඛ දුර්වලතා රැසක් හඳුනා ගත හැකිය.

මේ තත්ත්වය තුළ අන්තර්ජාල අඩවි මගින් සිදුවන ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ ජීවගුණය, විශ්වාසනීයත්වය හා සමාජ බලපෑම දුර්වල තත්ත්වයක පවතින අතර එය හුදු සන්නිවේදනය මෙවලමක් බවට ඌනනය වී ඇත.

මේ තත්ත්වය තුළ ඉහත සඳහන් දුර්වලතා හැකිතාක් අවම කර ගනිමින් ද වඩාත් පුළුල් ලෙස නව මාධ්‍ය අවකාශය භාවිතයට ගැනීමේ වඩාත් ශක්තිමත් හා පුළුල් අවකාශයක් අප හමුවේ පවතී. එනම් ඉහත සඳහන් දුර්වලතා අවම කර ගත් නව අන්තර්ජාල පුවත් අඩවියක් සඳහා ඉතා හොඳ සමාජ, ආර්ථික හා දේශපාලන පසුබිමක් පවතී.

අප ගැන

lankaepress.com අන්තර්ජාල අඩවිය ඉහත සඳහන් දුර්වලතා අවම හෝ ශූන්‍ය තත්ත්වයක පවත්වා ගෙන යාම සඳහා ශක්තිමක් දැක්මක් හා වෘත්තීමයභාවයකින් යුත් සන්නිවේදකයින් සහ මාධ්‍යකරුවන් විසින් පවත්වා ගෙන යනු ලැබේ. එකී විෂය (සන්නිවේදනය හා මාධ්‍යකරණය) පිළිබඳ ප‍්‍රාමාණික අධ්‍යාපන පසුබිමකින් (විශ්වවිද්‍යාල උපාධි* හා මාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත‍්‍රයේ පුළුල් අත්දැකීම් ඇති ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් හා සන්නිවේදකයින් අප අන්තර්ජාල අඩවියේ පූර්ණ වගකීම දරන අතර සන්නිවේදන හා මාධ්‍ය විද්‍යාර්ථීන්ගේ ස්වේච්ඡුා දායකත්වය ද පුළුල් ලෙස භාවිතයට ගෙන ඇත.

දැක්ම

දේශපාලන, ව්‍යාපාරික හෝ වෙනත් පක්ෂපාතීත්වයකින් හෝ අගතිගාමීත්වයකින් තොරව සන්නිවේදනයේ හා ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ සම්මත න්‍යායන් හා සම්ප‍්‍රදායන් රැක ගනිමින් වඩාත් ස්වාධීන වූත් විශ්වාසනීය වූත් පොදු පිළිගැනීමක් ඇත්තා වූත් සන්නිවේදනයක්…

මෙහෙවර

ශ‍්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික, ව්‍යාපාරික හා සමාජයීය සංවර්ධනය උදෙසා නිවැරදි, සමබර, නිරවුල් සහ විශ්වාසනීය තොරතුරු සන්නිවේදනය කිරීම සහ සමාජ සංවාදයක් බිහිකිරීම සඳහා වේදිකාවක් වශයෙන් ක‍්‍රියාකිරීම.

ප‍්‍රධාන අරමුණ :

ශ‍්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික හා ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ තිරසර සංවර්ධනය සඳහා නිවැරදි වූත්, විශ්වාසනීය වූත් තොරතුරු සන්නිවේදනය කිරීම උදෙසා ප‍්‍රවෘත්ති හා ප‍්‍රවෘත්ති විශේෂාංගකරණය.

අරමුණු :

  • දේශපාලන, ආර්ථික, ව්‍යාපාරික හා ක‍්‍රීඩා ප‍්‍රවෘත්ති හා ප‍්‍රවෘත්ති විශේෂාංග සන්නිවේදනය කිරීම.
  • සමාජ සංවර්ධනය සහ සංහිඳියාව සඳහා ප‍්‍රවෘත්ති හා ප‍්‍රවෘතිති විශේෂාග සන්නිවේදනය කිරීම
  • ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ මහජන සම්බන්ධතා / ප‍්‍රචාරක හා ප‍්‍රචාරණ කටයුතු සඳහා අවකාශය ලබාදීම
  • සංවර්ධන පුවත් සන්නිවේදනය හා මතවාද නිර්මාණය
  • පුරවැසි මාධ්‍ය අවකාශය හා භාවිතය පුළුල් කිරීම
  • පුරවැසියන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය, පරිසර, නීත හා සන්නිවේදන ඇතුළු අදාළ ක්ෂේත‍්‍රවල දැනුම හා අවබෝධය පුළුල් කිරීම.

ක‍්‍රමවේදය :

  • පුරවැසි මාධ්‍යකරණයේ මූලධර්ම මත පදනම් වෙමින් ක‍්‍රියාත්මක වන හෙයින් සමස්ත අන්්තර්ජාල අවකාශයෙන් වැඩි ප‍්‍රතිශතයක් සංස්කාරක මණ්ඩලයෙන් බැහැර පුරවැසි අවකාශය මගින් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.
  • සංස්කරණ ස්වාධීනත්වය හා ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ ජීව ගුණය රැුක ගැනීම සඳහා ලෝ ප‍්‍රකට අන්තර්ජාල අඩවියක් වන ‘‘බී.බී.සී. සන්දේශය’’ ආදර්ශයට ගැනීමට අපේක්ෂා කෙරේ.
  • අන්තර්ජාල අඩවිය තිරසරව පවත්වා ගෙන යාම සඳහා දැන්වීම් හා අනුග‍්‍රාහක අනුග‍්‍රහය ලබා ගැනීමට පියවර ගන්නා මුත් එම අනුග‍්‍රාකත්වය සංස්කරණ ස්වාධීනත්වයට බලපෑමක් කර නොගැනීමට පියවර ගැනේ.
  • වඩාත් විශ්වාසනීය වූත්, පොදු පිළිගැනීමක් ඇත්තා වූත් පුවත්පත්, රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවලින් අවශ්‍ය යැයි හැෙඟන අවස්ථාවල  නෛතිකව ලබාගත හැකි උපුටා ගැනීම් කෙරෙන අතර උපුටා ගැනීම්වලදී එකී උපුටා ගැනීම් සම්බන්ධ පැහැදිලි මූලාශ‍්‍ර දක්වනු ලැබේ.
  • පිළිතුරු දීමේ අයිතිය සම්පූර්ණයෙන් ආරක්ෂා කරන අතර මේ වන විට පුවත්පත් විසින් පිළිගන්නා ‘‘කර්තෘ මණ්ඩල ආචාරධර්ම’’ සංග‍්‍රහය මත පදනම් වෙමින් ක‍්‍රියාත්මක වේ.

අන්තර්ගතය

අන්තර්ජාල අඩවියේ ප‍්‍රමුඛ අවධානය දේශපාලන, ආර්ථික, ව්‍යාපාරික හා ක‍්‍රීඩා සඳහා ලබා දෙන අතර ඒ ආශ‍්‍රිත ප‍්‍රවෘත්ති, ප‍්‍රවෘත්ති විශේෂාංග, විශේෂාංග, විමර්ශන, පර්යේෂණ ආදිය සඳහා ප‍්‍රමුඛ අවකාශයක් ලබා දෙනු ඇත.

ඒ සමග,

  • විදෙස්
  • සෞඛ්‍ය
  • කෘෂිකාර්මික
  • කාන්තා සහ ළමා
  • ශාස්ත‍්‍රීය
  • නිර්මාණාත්මක
  • විනෝදාංශ යන අංශ සඳහා ලබා දීමට පියවර ගැනේ.
  • ඉහත සඳහන් සෑම අංශයක් යටතේම වැඩි අවධානයක් ප‍්‍රවෘත්ති විශේෂාංග සම්පාදනය සඳහා යොමු කෙරේ.

සංස්කරණ මූලධර්ම සහ ප‍්‍රතිපත්ති

ක්බන්ැචරුිිගජදප කිසිදු ආකාරයකින් දේශපාලන, ව්‍යපාරික හෝ වෙනත් බලවේගයකට පක්ෂපාතී වෙමින් හෝ බැඳීම් ඇති කර ගනිමින් සංස්කරණ කටයුතු නොකරනු ඇති අතර සංස්කරණ හා සන්නිවේදන කටයුතු දැඩි අපක්ෂපාතීත්වයකින් හා විනිවිධභාවයකින් යුතුව ඉටුකරනු ඇත.

එහිදී ප‍්‍රවෘත්තියක, නිවැරදිභාවය, සමබරභාවය සහ නිරවුල්භාවය පිළිබඳව දැඩිව සැලකිමත් වෙමින් ප‍්‍රවෘත්තියේ ‘‘උපරිම විශ්වාසනීයභාවය’’ තහවුරු කර ගනු ඇත.

ඒ සමග, දේශපාලන, ආගමික, වාර්ගික හා ස්ත‍්‍රී ප‍්‍රචණ්ඩත්වයට කිසිදු ආකාරයකින් අනුබල දීමක් හෝ ප‍්‍රචාරය ලබාදීමක් සිදු නොවනු ඇති අතර ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය විසින් පුවත්පත් සඳහා හඳුන්වා දී ඇති ආචාරධර්ම පද්ධතිය සපුරා අනුගමනය කරනු ඇත.

සංස්කාරක මණ්ඩලය

ප‍්‍රධාන සංස්කාරක

ගජබා නාගහවත්ත

දුරකථනය 076 6109836

Email – bhathiyabarukanda@gmail.com

ප‍්‍රවෘත්ති හා කාලීන පුවත් සංස්කාරක

සුමින්ද ජයනාත්

විශේෂාංග සංස්කාරිකා

කාන්තා, ළමා, සෞඛ්‍ය, ප‍්‍රාසාංගික කලා, විනෝදාස්වාද සහ ෆැෂන්

මධුභාෂිණි උරේෂා කුමාරි

ප‍්‍රවෘත්ති විශේෂාංග හා දේශපාලන සංස්කාරක

ගජබා නාගහවත්ත

ආර්ථික හා ව්‍යාපාරික සංස්කාරක

තීක්ෂණ වෙළෙන්ගොඩ

ජාත්‍යන්තර සහ ක‍්‍රීඩා සංස්කාරක

කසුන් ප‍්‍රබෝධ සමරවීර

කෘෂිකර්මික සංස්කාරක

තුෂාර වල්ගම

නෛතික හිමිකම / නෛතිකභාවය

lankaepress.com අන්තර්ජාල අඩවිය, සසවි ප‍්‍රකාශයෝ, බී. 81, පර්ත් පැරඩයිස්, ගුරුගොඩ, හොරණ යන ලිපිනයට යටතේ පවත්වා ගෙන යනු ලැබේ.

විමසීම් හා යොමු කිරීම්

 lankaepress.com හි පළ කිරීමට අවශ්‍ය සියලූම ප‍්‍රවෘත්ති, විශේෂාංග සහ ඡායාරූප පහත ඊමේල් ලිපිනයට යොමු කරන්න. lankaepress@gmail.com / bhathiyabarukanda@gmail.com

දුරකථන අංකය – 0766109836

දැන්වීම් සහ අනුග‍්‍රහයන්

lankaepress.com හි පළ කිරීමට කැමැති සියලූම ප‍්‍රචාරක දැන්වීම් සහ අනුග‍්‍රාහක දැන්වීම් කරුණාකර පහත ඊමේල් ලිපිනයට යොමු කරන්න.

lankaepress@gmail.com / bhathiyabarukanda@gmail.com

දුරකථන අංකය – 0766109836