ජාත්‍යන්තර සාමය සඳහා බුදු සමයේ උපයෝගීතාවය

මුල් කාලීනව බටහිර දේශපාලන චින්තනයන් තුළ බුදු සමය හා රාජ්‍ය අතර සම්බන්ධය මෙන්ම බුදු සමය තුළ පවතින හුදු අගමික දර්ශනයකින් ඔබ්බට ගියා වු, සමාජ කාර්ය භාරය පිළිබඳව අවාධානය යොමු වුයේ ඉතා අල්ප වශයෙනි. නමුත් ආසියාව හා ඇතැම් බටහිර රාජ්‍යයන් තුළ බෞද්ධ සම්ප‍්‍රදාය පිළිබඳව  නව පිබිදීමක් හා අවබෝධයක් ඇතිවීම හරහා එය ලෝකය හා සමාජයෙන් වියුක්ත නොවු සමාජගත ආගමික දර්ශනයක් බව ක‍්‍රමයෙන් ප‍්‍රකට වන්නට විය. එසේම, වර්තමානය වන විට බොහෝමයක් ගෝලීය ගැටලු සඳහාද විසඳුම් ලබාදීමේ ශක්‍යතාවයක් බුදු සමය තුළ පවතිනවා යැයි පැවසීම ද අතිශෝක්තියක් නොවනු ඇත. 

  බුදු සමය පිළිබඳ සිදුකරන ලද මතුපිට අධ්‍යයනයක් හුවා දක්වන පරිද්දෙන් බුදු සමය බාහිර ලෝකයෙන් හා මානව සබඳතාවලින් මානවයා හුදකලා තත්ත්වයකට පත් කරන අධ්‍යාත්මික අරමුණු පමණක් ඉලක්ක කොට ගත් දර්ශනයක් නොවේ. එය පුද්ගල සංවර්ධනය හරහා සමස්ත විශ්වය තුළම මානව ප‍්‍රජාවගේ ප‍්‍රගතිය අපේක්ෂා කරන්නෙකි. එබැවින් එවැනි සමාජකාමී ආගමික දර්ශනයක් තුළ ජාත්‍යන්තර සාමය උදා කිරීම සඳහා පවතින උපයෝගීතාවය විමසීමට ලක් කිරීම අතිශය කාලෝචිත ය.

ජාත්‍යන්තර සාමය හා බුදු සමය පිළිබඳව සකච්ඡුා කිරීමෙ දී මුලිකව සඳහන් කළ යුතු කාරණය වන්නේ ලෝක සාමය ඇති කිරීම සඳහා උපයෝගී කරගත හැකි වන්නා වු පරිපූර්ණ දාර්ශනික අංශයකින් බුදු දහම පිරිපුන් බව ය. ඒත් සමඟම එම දර්ශනය වඩා ප‍්‍රයෝගික තලයකට ගෙන ඒම සඳහා භාවිතා කල හැකි විවිධ සංස්තිථීන් සමඟද බුදු සමය වඩාත් ධනාත්මක ඇසුරක් පවත්වා ගනී. මෙහිදී විශේෂයෙන්ම ජාත්‍යන්තර සාමය උදාකිරීමෙදි රාජ්‍ය හා බුදු සමය අතර පවතින සබඳතාවය අතිශයින්ම අවධානයට ලක්විය යුතුය. ඒ මන්දයත් වර්තමාන ජාත්‍යන්තර සබඳතා තුළ තවමත් රාජ්‍යය මුලිකම පාත‍්‍රයකු ලෙස සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරමින් සිටින නිසාය. ඒ අනුව සඳහන් කල හැක්කේ, ජාත්‍යන්තර සාමය උදා කිරිමේදී රාජ්‍යට ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකල හැකිය යන්නය. නමුත් ජාත්‍යන්තර සාමය වෙනුවෙන් රාජ්‍යයක කැපවීම වර්ධනය කරමින්, එය වඩා ප‍්‍රයෝගික තලයකට පැමිණවීම සඳහා රාජ්‍යයන්ගේ චර්යාවන් සංස්කරණය විමක් හා ඊට නිසි මාර්ගෝපදේශකත්වයක් අත්‍යවශ්‍යයෙන්ම සැපයිය යුතුය. එම කාර්යභාරය විශ්වීය මට්ටමේ ජාත්‍යන්තර සංවිධානයක් හරහා පමණක්ම සිදුකල හැකිද? යන්න මෙහිදී පැනනැගෙන ප‍්‍රශ්ණයකි. එබැවින් ජාත්‍යන්තර සාමයක් වෙනුවෙන් කැපවෙන හා ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම සඳහා රාජ්‍යයක චර්යා සංස්කරණ මාර්ගෝපදේශකයක් ලෙස බුදු දහමේ ඉගැන්වීීම් තුළ ඉහල උපයෝගීතාවයක් පවතී යන්න බොහෝ දෙනාගේ පිළිගැනීමයි.

සමස්ත විශ්වයේම ජීව-අජීවී පරිසරය වෙනුවෙන් සර්ව හිතකාමී ප‍්‍රතිපත්තියක් ක‍්‍රීයාත්මක කිීරීමට මානව ප‍්‍රජාවට උපදෙස් දෙන බුදු සමය කරුණාව හා නිර්ප‍්‍රචණ්ඩත්වය යන මුලධර්මයන් පෙරදැඩි කොට ගත් දර්ශනයකි. යතෝක්ථ මුල ධර්මයන්  ද්විිත්වය පමණක් වුවද ප‍්‍රායෝගික තලයේ හරි හැටි කි‍්‍රයාත්මක වේ නම් ලෝක සාමය උදා කිරිමේ මූලික ඇරඹුම එයම විය හැකිය. ප‍්‍රචණ්ඩත්වය හා හිංසාව අවම සමාජයක ගැටුම් හා අර්බුද සඳහා ඇත්තේද ඉතාමත් අවම අවකාශයකි. ඒත් සමඟම, ජාත්‍යන්තර සාමය උදාකිරීමේ ප‍්‍රයත්නයේදී කරුණාව හා නිර්ප‍්‍රචණ්ඩත්වය යන මූලධර්මයන් ද්විත්වයද රාජ්‍යයන්ට අතිශයින්ම අදාල වන්නකි.

මීට අමතරව සාමකාමී බව වර්ධනය සඳහා ඉවහල් වන රාජ්‍යය කේන්ද්‍ර කොට ගත් ඉගැන්වීම් රැුසක් බුදු සමය තුළ අන්තර්ගත ය. බුදු සමය සියලු මානවයන්ට සමාන අයිතිවාසිකම් ලැබිය යුතු බව පිළිගැනීමට ලක් කරයි. මානවයා සහජයෙන්ම නිදහස් සත්ත්වයකු බව බුදු දහම අවධාරණය කරන තවත් කරුණකි. එහිදී සුවිශේෂයෙන්ම සඳහන් කල හැක්කේ ජීවත්වීම සඳහා මානවයාට ඇති අයිතිය බුදු දහම තුළ දැඩිව අවධාරණයට ලක්වී ඇති බවය. ඊට සමගාමීව මානව අයිතිවාසිකම් පිළිබඳව පුද්ගලයා දැනුවත් විය යුතු බවටද බුදු සමය නිර්දේශ ඉදිරිපත් කරයි. රටක පාලන තන්ත‍්‍රය, පුද්ගල නිදහස හා අයිතිවාසිකම් උල්ලංඝනය වන ලෙස නීති රීතී සම්පාදනය නොකල යුතු අතර එය පුද්ගල අයිතිවාසිකම් ස්ථාපිත කරන්නක්ම විය යුතුය. එසේ සලකා බලන විට ප‍්‍රකාශ කල හැක්කේ, සියලුම මානව අයිතිවාසිකම් සුරක්ෂිත වන පරිසරයක සාමයට ඇති බාධා සහ අභියෝගයන්ද අවම වන බවයි.

ජාත්‍යන්තර පද්ධතියේ සෑම රාජ්‍යයක්ම මෙවන් මාර්ගෝපදේශකයන්ට ධන ප‍්‍රතිචාර දක්වන්නේ නම් ජාත්‍යන්තර සාමය උදා කිරීම ඉතා පහසු කර්තව්‍යයක් වනු ඇත. මෙහිදී අවධානයට ගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ මෙම මානව අයිතිවාසිකම් කි‍්‍රයාත්මක කිරීම සඳහා පුද්ගලයා යොමු කිරීම, බුදු සමය ස්වෙච්ඡා අභිපේ‍්‍රරණයක් ඔස්සේ සිදුකරන බවයි. එසේත් නොමැතිනම් නෛතික හෝ වෙනත් දණ්ඩනයක් පිළිබඳ බියක් මතුකරමින් බුදු සමය මානව අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡුා නොකරයි. ජාත්‍යන්තර තලයෙදී මෙම ඉගැන්වීම් රාජ්‍යයන්ටද එකසේ ආදේශ කර ගත හැක. එක් රාජ්‍යයක් සතු අයිතිවාසිකම්වලට ගරු කිරීම තවත් රාජ්‍යයක යුතුකමක් විය යුතුය. එය හුදෙක්ම නෛතිකමය පසුබිමකට වඩා රාජ්‍යයන් ගොඩ නගා ගනු ලබන ස්වෙච්ඡුා ආචාර ධර්ම පද්ධතියක් හරහා සිදුවීම වඩා වැදගත් වේ. බුදු සමය ද අවධාරණය කරන්නේ එවැනි චර්යාමය සංස්කරණයකි. රාජ්‍යයන් එවැනි සංස්කරණයකට එළඹෙන්නේ නම් ලෝකය තුළ සාමය බිඳ වැටෙන අන්තර් රාජ්‍ය යුධ ගැටුම් හා අනෙකුත් සාමයට තර්ජනය වන අවස්ථා බොහෝමයක් අවම වනු ඇත.

බුදු දහම රාජ්‍යයට නිරන්තරයෙන්ම අවධාරණය කරනු ලබන්නේ සාමය හා ස්ථාවරත්වය ප‍්‍රවර්ධනය කිරීම රාජ්‍ය යේ වගකීම බවයි. බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් සලකා බලන විට මානව අයිතිවාසිකම් සුරැුකීම රාජ්‍යයන්ගේ වගකීම් අතර පෙරට එන්නකි. තවද රාජ්‍ය එහි ජනතාවගේ සියලූ අවශ්‍යතාවයන් ජාති, ආගම්, කුලභේද හා සමාජ තත්ත්වය නොසලකමින් ඉටු කළ යුතුය. එපමණක් නොව ජනතාවගේ දේශපාලන අයිතීන් ද සුරක්ෂිත විය යුතුය. මෙම කටයුතු සාර්ථකව ඉටු කිරීම සඳහා ආයතන ස්ථාපිත කිරීම ද රාජ්‍යයෙන් බුදු දහම අපේක්‍ෂා කරන්නකි. ජනතාවට අධ්‍යාපනය ලබා දෙන හා යුක්තිගරුත්වය වෙනුවෙන් පෙනී සිටින ආයතන ද ඒ තුළට අන්තර්ගත විය යුතු බව බුදු සමය වැඩි දුරටත් පෙන්වා දේ.

මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කාරණය වන්නේ නීති උල්ලංඝනයන් සඳහා කෲර දඩුවම් ලබා දීමට වඩා නීතිය පිළිබඳ අවබෝධය හා දැනුවත් කිරීම හරහා ස්ථාවර මෙන්ම සාමකාමී සමාජයක් ගොඩ නැගීම බුදු දහමේ අපේක්‍ෂාව බවයි.

තවත් ආකාරයකින් අවිහරණය සඳහා ද බුදු දහම රාජ්‍යයන් පෙළඹීමට ලක් කරයි. එලෙසම රාජයයන් තවත් රාජ්‍යයක් ආක‍්‍රමණය කිරීමෙන් වැළකිය යුතුය. ස්වෙච්ඡුා අවිහරණයක් සඳහා මෙන්ම අනවශ්‍ය හමුදා බලඇණි පවත්වා ගැනීම බුදු සමය අනුමත නොකරන්නකි. නමුත් රාජ්‍යයේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පවත්නා විධි විධාන බුදු සමය කිසි විටෙක ප‍්‍රතික්ෂේප නොකරයි. රාජ්‍යය එහි  ජනතාවගේ ආරක්ෂාව පමණක් නොව ඔවුන්ගේ ආර්ථික, සාමාජීය සුබ සාධනය  වෙනුවෙන් ස්වකීය කාරයභාරය මනාව සිදු කළ යුතුය. රාජ්‍ය අභ්‍යන්තරය සාමකාමී සහ ස්ථාවර වේ නම් එය ජාත්‍යන්තර සාමයට ද ඉතා ඉහළ දායකත්වයක් වනු ඇත.

ජාත්‍යන්තර සාමය රාජ්‍යයන්ගේ අභ්‍යන්තරික ස්ථාවරත්වය හා සාමකාමිත්වය තුළින් ආරම්භ කල හැකිය. බුදු සමය අවධාරණය කරන පරිද්දෙන් රාජ්‍යයක පාලන තන්ත‍්‍රයට ඒ සඳහා ප‍්‍රබල වගකීමක් පැවරේ. ජාත්‍යන්තර සාමය උදාකිරීම යථාර්ථයක් වීම සඳහා සෑම රාජ්‍යයක්ම ස්වකීය චර්යා සංස්කරණය සඳහා වූ ස්වේච්ඡා පෙළඹීමකට ලක් විය යුතුය. එපමණක් නොව සමස්ත රාජ්‍යයන්ම සාමය සඳහා එකඟ වන්නා වු පොදු ආචාර ධර්ම පද්ධතියකටද අනුකූල විය යුතුය. එවැනි පසුබිමක, බුදු සමය යතෝක්ථ ආචාර ධර්ම පද්ධතිය ගොඩනැගීම වෙනුවෙන් යොදා ගත හැකි ඉතා ඉහළ උපයෝගීතාවයක් සහිත ආගමික දර්ශනයක් වනු ඇත.

මහාචාර්ය නයනි මැලැගොඩ, අංශාධිපතිනිය, ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනාංශය, කොළඹ විශ්ව විද්‍යාලය

LeP

Recommended For You

About the Author: Admin