අත්‍යාවශ්‍යම මොහොතේ ආසියානු යොවුන් දැල්පන්දු පුහුණුකරු තනතුර හිස් වෙයි

එළැඹෙන ආසියානු යොවුන් කුසලාන සඳහා පිටත්ව යෑමට නියමිතව සිටින ශී‍්‍ර ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමට සහ ලෝක කුසලානය සඳහා සහභාගීවීමට නියමිත කණ්ඩායම වෙනුවෙන් සංචිත තේරීමට ශී‍්‍ර ලංකා දැල්පන්දු සංගමය පියවර ගෙන තිබේ. ඒ අනුව අදාළ කණ්ඩායම් දෙක සඳහා සංචිත තේරීමේ තරග ලබන 31 වැනිදා සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. 

වසය 21න් පහළ යොවුන් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩිකාවන් 18 දෙනකු බැගින් සංචිත දෙකක් මේ වන විට නම්කොට තිබෙන අතර එයින් 15 දෙනකු බැගින් තෝරා ගැනීම පළමුව සිදුකරයි. අනතරුව එයින් ආදාළ තරගාවලි සඳහා සහභාගිවන කණ්ඩායම් තේරීම සිදුකරන බව ශී‍්‍ර ලංකා දැල්පන්දු සභාපතිනී ටි‍්‍රක්සී නානායක්කාර මහත්මිය කියා සිටියාය. 

කේසේ වෙතත් 2019 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලිය ලබන ජුනි 29 වැනිදා සිට ජූලි 07 වැනිදා දක්වා ජපානයේ පැවැත්වීමට සියලූ කටයුතු මේ වනවිට සූදානම් කොට තිබේ. ඒ අනුව මෙවර ශූරතාවලිය සඳහා පිටත්ව යන ශී‍්‍ර ලංකා සංචිතය තේරීම සිදු කළද මේ වනතෙක් ශී‍්‍ර ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම සඳහා ස්ථිර පුහුණුකරුවකු පත් කිරීමට කී‍්‍රඩා අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ. කසුන් රණවීර – දිවයින

Recommended For You

About the Author: Admin