තෙරේසා මේ දෙලොවක

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ සිය යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය බ්‍රසල්ස් නුවර සිට යළි එක්සත් රාජධානිය වෙත පැමිණීමට නියමිත ය. අග්‍රාමාත්‍යවරිය තෙරේසා මේ එවැනි උත්සාහයක නිරත වනු ඇත්තේ බ්‍රිතාන්‍යල සිය සාමාජිකත්වයෙන් ඉවත්වීම (Brexit )මාර්තු 29 වෙනිදායින් ඔබ්බට කල් දැමීම සඳහා යුරෝපා සංගමය එකඟත්වය පළ කිරීමෙන් අනතුරුව ය.

යුරෝපා සංගමයේ නායකයන් එකඟ වී ඇති පරිදි බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම මැයි 22 දක්වා ප්‍රමාද කරනු ඇත්තේ තෙරේසා මේගේ ඉහත කී බ්‍රෙක්සිට් යෝජනාවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුවහොත් පමණි. යුරෝපා සංගමයේ නායකයන් එවැනි එකඟතාවකට පැමිණියේ බ්‍රහස්පතින්දා (මාර්තු 22) රාත්‍රියේ පැය අටක් පුරා පැවති සාකච්ඡාවකින් අනතුරුව යග අදාළ යෝජනාවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි නොවන්නේ නම් යුරෝපා සංගමයෙන් ඉවත්වීම අප්‍රේල් 12 වෙනිදා දක්වා කෙටි වනු ඇත. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් මීළඟ පියවරට සූදානම් වීමට හෝ ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍යට සිදුවනු ඇත.

අගමැතිනිය තෙරේසා මේ කියා සිටියේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පැහැදිලි තෝරා ගැනීමක්, සඳහා ඉඩ ලැබී ඇති බව ය. යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා වූ තෙරේසා මේගේ යෝජනා පාර්ලිමේන්තුව තුළ අවස්ථා දෙකකදී පරාජයට පත් වියග ඇය නියෝජනය කරන කොන්සර්වේටිව් පක්ෂයේ ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඊට එරෙහිව ඡන්දය ලබා දී තිබිණිග අදාළ යෝජනාව දෙවෙනි වර පරාජයට පත්වීමෙන් අනතුරුව සෘජුව ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට චෝදනා කරමින් ඇය කියා සිටියේ තමන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ය.

අගමැතිනිය විසින් එල්ල කරන ලද චෝදනාවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වියග මීට සතියකට පමණ පෙර තෙරේසා මේ සඳහන් කළේල බ්‍රෙක්සිට් ගිවිසුම පමා කරනවා දල තවත් ජනමතවිචාරණයකට යනවාද එසේ නැතහොත්, බ්‍රෙක්සිට් ගිවිසුම හැර වෙනත් ගිවිසුමක් අනුව යුරෝපා සංගමයෙන් ඉවත් වනවා ද, යන්න පිළිබඳව මන්ත්‍රීවරුන් තීරණයක් ගත යුතු බවයග එක්සත් රාජධානිය මුහුණ දෙමින් සිටින තෝරා ගැනීම් ,අපේක්ෂා නොකළ, බව ඇය පැවසීයග කෙසේ වෙතත්ල සිය ගිවිසුම ප්‍රතික්ෂේප වීමත් සමග ,මේ තෝරා ගැනීම්වලට මුහුණ දීමට සිදුව ඇතැයි, තෙරේසා මේ සඳහන් කළා ය.

Bbc/sandeshaya

Recommended For You

About the Author: Admin