බක්මහ දිවුරුම නිදහස් චතුරශ්‍රයේදී

මතින් නිදහස් රටක් අනාගත පරපුර වෙත උරුමකරදීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සාර්ථක කරගැනීමෙහිලා කැපවන බවට රටම එක්ව දිවුරුම් දුන්, බක්මහ දිවුරුම,  නිදහස් චතුරශ්‍රයේ දී අද සිදු කෙරිණි. 

එහි සමාරම්භක අවස්ථාව සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසුරිය යන මහත්වරුන් ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මතින් නිදහස් රටක් අනාගත පරපුර වෙත උරුම කරදීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සාර්ථක කරගැනීමෙහිලා, තමා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන බවටත්. මේ වන විට එයට ගොදුරුවී සිටින /නොසිටින තම ඥාති, හිතමිත්‍රාදීන් ද මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීමට පියවර ගන්නා බවටත්, සමස්ත ශ්‍රී ලාංකික සහෘද ප්‍රජාව මතින් නිදහස් කරගැනීම වෙනුවෙන් තමා වෙත පැවරෙන උත්කෘෂ්ට වූ සාමුහික කාර්යභාරය උපරිම කැපවීමෙන් හා අවංකභාවයෙන් යුතුව සපුරා ඉටුකර ගැනීමට අධිෂ්ඨාන පෙරදැරිව කැපවන බවටත් මෙහි දී සියලුදෙනා ප්‍රතිඥා දුන්හ.

Recommended For You

About the Author: Admin