සිංගප්පූරු ගිවිසුම සංශෝධනයට

ශ‍්‍රී ලංකා රජය සහ සිංගප්පූරුව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම යළි සංශෝධනය කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද තම පසුගිය සිංගප්පූරු සංචාරයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි. එහිදී ජනපතිවරයා සඳහන් කර තිබුණේ සිංගප්පූරුව සමග අත්සන් තබා ඇති නිදහස් වෙළෙඳ ගිවිසුමේ යම් යම් වගන්ති සංශෝධනය විය යුතු බව තමා අදහස් කරන බව යි.

එහෙත් මෙම ගිවිසුම සංශෝධනය කරන ආකාරයට හෝ දින පිළිබඳව නිශ්චිත අදහස් දැක්වීමක් මේ දක්වා කිසිදු පාර්ශ්වයක් වෙතින් ඉදිරිපත් කර නැත.

Recommended For You

About the Author: Editor