අයවැයට විරුද්ධ වන බවට ශ‍්‍රීලනිපයෙන් පැහැදිලි සහතිකයක් ලැබුණා – ඩලස්

අපේ‍්‍රල් 05 (හෙට) පැවැත්වෙන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කරන බවට ශ‍්‍රීලනිපයෙන් පැහැදිලි සහතිකයක් ලැබුණු බව ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.

පසුගිය 03 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවේදී ඩලස් මේ බව සඳහන් කළේය.

ඩලස් වැඩි දුරටත් මෙසේ ද ප‍්‍රකාශ කළේය. ‘‘ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීම සඳහා පැවැති පළමු සාකච්ඡාවේදී තමයි ඔවුන්ගේ නියෝජිතයින් අපිට මේ පොරොන්දුව දුන්නේ. ඒ පොරොන්දුව මේ පාර ඒ ආකාරයෙන් සිදුවෙයි කියලා අපි විශ්වාස කරනවා. කොහොම වුණත් අපි අතර ඉදිරියේ දී සිදුවන සාකච්ඡා සඳහා මේ ඡුන්දය කොන්දේසියක් කර ගැනීමේ සූදානමක් නම් නැහැ. ඒත් අපි හිතනවා ශ‍්‍රීලනිපය දුන් පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටුකරාවි කියලා’’

Recommended For You

About the Author: Editor