ඞීසල් වැඩි කළොත් බස් ගාස්තු ඉහළ දානවාමයි

රජය විසින් හඳුන්වා දී ඇති ඉන්ධන මිල සූත‍්‍රයට අනුව ලබන 10 වැනිදා ඞීසල් ලීටරයක මිල රුපියල් 4.00කින් වැඩි කිරීමට පියවර ගතහොත් ඊට පසුදින සිට බස් ගාස්තු ජාතික ප‍්‍රතිපත්තියට අනුව පුද්ගලික බස්රථ ගාස්තු ද සියයට 04කින් වැඩි කරන බවට සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියන්ජිත් අනතුරු අඟවයි.

ඊයේ නාරාහේන්පිට කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී ප‍්‍රියන්ජිත් මෙම අනතුරු ඇඟයීම කළේය.

මෙහිදී ප‍්‍රියන්ජිත් මෙසේ ද සඳහන් කළේය. ‘‘මේක ඉතාම පැහැදිලිව ප‍්‍රකාශ කරන දෙයක්. ආණ්ඩුවට තමන්ගේ ඉන්ධන මිල සූත‍්‍රය අනුව වැඩ කරන්න පුළුවන් වගේම අපිටත් බස් ගාස්තු සම්බන්ධ ජාතික ප‍්‍රතිපත්තිය අනුව වැඩ කරන්න අයිතියක් තියෙනවා. ඒත් මගී ජනතාව ගැන සිතලා අපි අවම බස් ගාස්තුව වන රුපියල් 12ක ගාස්තුව වැඩි කිරීමට යන්නේ නැහැ. මීට පෙර මාර්තු 10 වැනිදාත් ඞීසල් මිල රුපියලකින් වැඩි කිරීමට ආණ්ඩුව පියවර ගත්තා. මේ පාරත් වැඩි කළොත් ඒක අපිට දරා ගන්න බැහැ. ඒ නිසා ආණ්ඩුව ඞීසල් මිල වැඩි කළොත් බස් ගාස්තුව සියයට 4කින් ඉහළ යාම නම් අනිවාර්යයෙන්ම සිදුවෙනවා’’ යැයි ද සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor