ජාතිය සමෘද්ධිමත් කළ එක්සත් ජාතික පක්ෂය – එජාපයේ 72 වසරක ආර්ථික හා සමාජීය සංවර්ධනය පිළිබඳ විමසුමක් – අංක 01

මෙරට ආර්ථික, සමාජ, සංස්කෘතික සහ දේශපාලන ආදී සෑම ක්ෂේත‍්‍රයකම ඵලදායී සංවර්ධනයක් සිදුකළ දේශපාලන පක්ෂය වශයෙන් එක්සත් ජාතික පක්ෂය බොහෝ දෙනකුගේ ඇගයීමට ලක්ව තිබේ. එහෙත් එකී පුරෝගාමී නායකත්වය සහ මෙහෙය මේ වන විට අප සමාජයේ බොහෝ දෙනකුගේ මතකයෙන් ගිලිහී යමින් තිබෙන බවක් පැහැදිලිව දැකගත හැකිය. එය එජාපයට පමණක් නොව එකී සංවර්ධනයේ ඍජු උරුමක්කාරයින් වූ ජනතාවට ද කරන නිගරුවක් වශයෙන් සැලකිය හැකිය. මේ ලිපිය මගින් එජාපය 1947 සිට මේ දක්වා ‘‘ජාතිය සමෘද්ධිමත් කිරීමට සිදුකළ යුග මෙහෙවර ගැන ඇගයීමට ලක් කෙරේ.

‘‘අපේ පාට කොළ – අපි නැහැ කලබල
අලියා වගේ වැඩ – රට හැමදා ගොඩ ’’

මේ මීට දශක කිහිපයකට පමණ පෙර එක්සත් ජාතික පක්ෂයේ මැයි රැුළිවලදී නිතර නිතර කියවුණු සටන්කාමී කවියකි. එජාප පාක්ෂිකයාට තමන්ගේ පක්ෂය දැනෙන ආකාරය මේ කවියෙන් කියවිණි. ඔවුන්ට අනුව එජාප පාක්ෂිකයාගේ පාට කොළ. බොහෝ එජාප පාක්ෂිකයින් ‘අපි කැපුවත් කොළ’ යැයි කියන්නේ අභිනයෙන් තමන්ගේ අත කපන ආකාරය පෙන්වමිනි. ඔවුන් එමගින් ප‍්‍රකාශ කළේ එජාප පාක්ෂිකයින්ගේ ලේත් කොළ පාට බවය. ඔවුන් ‘අලියා වගේ වැඩ – රට හැමදා ගොඩ ’ යැයි ප‍්‍රකාශ කළේ අභිමානයෙනි. ඒයට හේතුව වශයෙන් සැලකිය හැක්කේ 1946 සිට මේ රටට දැනෙන, ජනතාවට දැනෙන සංවර්ධනයක් කළේ එජාපය විසින් බව ඔවුන් වටහා ගෙන සිටින නිසාය.

එදා එජාප පාක්ෂිකයින් ඉහත කවියෙන් අදහස් කළආකාරයෙන්ම පසුගිය 70 වසරක එජාප අතීතය දෙස අවධානය යොමු කරන විට පෙනී යන්නේ එජාපය තම දැක්මට පමණක් නොව සමස්ත ක‍්‍රියාකාරීත්වය ද මනාව කැටිකොට දක්වන වර්ණයක් හා සංකේතයක් තෝරා ගෙන ඇති බවය.

කොළ වර්ණයෙන් සෞභාග්‍යය, සශ‍්‍රීකත්වයක් අදහස් කෙරේ. අලියා පොදුජන ජීවිතයේදී අදහස් වන්නේ සියලූ සතුන් අතර ශක්තිමත්ම සත්වයා පමණක් නොව බුද්ධිමත්, ඉවසිලිමත් සතකු වශයෙනි.

පසුගිය දශක 7ක එජාප පැටිකිරිය සියුම්ව විමසන විට එජාපය කොළ පාටටත්, අලියාටත් අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා සාධාරණත්වය ඉටු කොට ඇති බවක් දැකිය හැකිය. ඒ අලියාමෙන් ම ශක්තිමත් ලංකාවේ එකම දේශපාලන පක්ෂය එජාපයි. සියුම්ව, ඥානාන්විතය හා ඉවසිලිවන්තව ජනතාව වෙනුවෙනු තීන්දු තීරණ ගන්නා පක්ෂය එජාපයයි. රටට සෞභාග්‍ය හා රට සශ‍්‍රීකත්වය කරා ගෙන ගිය දේශපාලන පක්ෂය එජාපයයි.

එජාපයේ වර්ණය හා සංකේතය ගැන පමණක් නොව ‘එක්සත් ජාතික පක්ෂය ’ යන නම දෙස ද අප අවධානය යොමු කළ යුතුය. මන්ද සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන සිවු ජාතීන් ද බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික යන සිවු ආගම් ද ධනවත් හා නිර්ධන යන පන්තීන් පමණක් නොව නාගරික, අර්ධ නාගරික, වතු හා ග‍්‍රාමීය යන ප‍්‍රාදේශීය අනන්‍යතාවන් ද මනාව කැටිකොට ගනිමින් සමස්ත ජාතිය එක්සේසත් කළ පක්ෂය වශයෙන් එජාපය සැලකිය හැකි නිසාය. එක්සත් ජාතික පක්ෂය සතු සුවිශේෂ වත්කම වශයෙන් ද හැකියාවන් හා ශක්තීන් වශයෙන් ඉහත සඳහන් දෑ සැලකිය හැකිය.

එක්සත් ජාතික පක්ෂය මෙරට දේශපාලන පක්ෂයක් සතු දැවැන්තම වත්කම වශයෙන් සැලකිය හැකි සමස්ත ජාතික නියෝජනය සහ පොදු එක්සත්භාවය අත්පත් කොට ගන්නේ හුදු දේශපාලන ප‍්‍රදර්ශන මගින් හෝ අවස්ථාවාදී දේශපාලන උපාය භාවිතයෙන් නොව ප‍්‍රායෝගික මෙන්ම ජනතාවාදී වූ ද ක‍්‍රියාකාරීත්වයක් මතිනි. දැක්මක් සහ හරයක් ඇති දර්ශනයක් මගිනි. එජාපයට 1947 මුල්ම මහ මැතිවරණයේ සිට දකුණේ දෙවුන්දර තුඩුවේ සිට උතුරේ පේදුරු තුඩුව දක්වාත්, බටහිර කොළඹ සිය නැගෙනහිර සන්ගමන් කන්ද දක්වාත් පැතිරුණු මුළු ලංකාවේම පාර්ලිමේන්තු නියෝජනය හිමිවිය.

මේ තත්ත්වය මත 1947 මුල්ම අමාත්‍ය මණ්ඩලයේ සිට වත්මන් 2015 ඇමැති මණ්ඩලය දක්වා එජාපය රාජ්‍ය බලය හෙබ වූ සෑම අවස්ථාවකම සෑම ජාතියකින්ම ප‍්‍රමාණවත් නියෝජනයක් සහිතව සිංහල, දෙමළ හා මුස්ලිම් ඇමැතිවරු පත් වූහ. උදාහරණයක් වශයෙන් 1947 මහ මැතිවරණයෙන් බලයට පත් වූ එක්සත්් ජාතික පක්ෂ ආණ්ඩුවේ ( ලංකාවේ ප‍්‍රථම කැබිනට් මණ්ඩලයේ )14 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයේ සී. සිත්තම්පලම්, සී. සුන්දරලිංගම් යන දමිළ ඇමැතිවරුන් දෙදෙනා ද, ටී.බී. ජයා යන මුස්ලිම් ඇමැතිවරයා ද වූහ. රාජ්‍ය ඇමැතිවරුන් අතර ඇම්. ඇස්. කාරියප්පර්, එච්. ඇස්. ඉස්මායිල්, වී. නල්ලයියා යන සුළු ජාතික නියෝජ්‍ය ඇමැතිවරු වූහ.


නොබිඳෙන ජනබලය

එක්සත් ජාතික පක්ෂය යනු මෙරට අති දැවැන්තම දේශපාලන පක්ෂය බව පසුගිය 70 වසර පුරා පැවැති සියලූම මැතිවරණවලදී ඒකාකාරයෙන්ම සනාථ කර ඇත. එජාපය ලංකාවේ දැවැන්තම දේශපාලන පක්ෂය වන්නේ එය සතු ස්ථාවර මෙන්ම දැවැන්ත ජනපදනම හේතුවෙනි. පසුගිය 70 වසර පුරා පැවැති සියලූම මැතිවරණවල ප‍්‍රතිඵල විශ්ලේෂණය කරන විට මේ බව මනාව පැහැදිලිවේ.

උදාහරණයක් වශයෙන් ලංකාවේ දැැවන්ත දේශපාලන පෙරළියක් සිදු වූ 1956 මහ මැතිවරණය සැලකිය හැකිය. එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා ප‍්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ, සඟ, වෙද, ගුරු, ගොවි හා කම්කරු යන පංච මහා බලවේගවල පූර්ණ සහාය ලබමින්, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම වැනි සිංහල ජනතාව තුළ දැවැන්ත මානසික බලපෑමක් කරන පොරොන්දු දෙමින් පැවැති මහ මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණ ඡන්ද 10, 46,362 ක් දිනා ගන්නා විට එජාපය තනි පක්ෂයක් ලෙස ඡන්ද 7,38,551 ක් දිනා ගත්තේ තමා සතු ඡුන්ද පදනම කිසිම ආකාරයකින් නාය නොවන බව සනාථ කරමිනි.

1970 මහ මැතිවරණය ද සැලකිය හැක්කේ ලංකාවේ තීරණාත්මක මැතිවරණයක් වශයෙනි. 1965-70 ඩඞ්ලි සේනානායක රජය දැඩිව විවේචනය කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ වාමාංශික පක්ෂ ද අලූතින් බිහි වූ තරුණ විප්ලවකාරී බලවේගයක් වූ ජනතා විමුක්ති පෙරමුණ ද ගෙන දැවැන්ත එජාප විරෝධය හමුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ වාමාංශික සන්ධානය පාර්ලිමේන්තුවේ 3/2 ක බලයක් දිනාගත්තේය. එහෙත් මෙම මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 18,12,849 ක් දිනා ගනිද්දී එජාපය ඡන්ද 18, 76, 956 ක් දිනා ගත්තේය. සංඛ්‍යාත්මකව බැලූවහොත් මෙම මැතිවරණයෙන් ආසන 90 ක් දිනා ගත් ශ‍්‍රීලනිපයට වඩා අන්ත පරාජයක් ලබමින් ආසන 17 ක් දිනාගත් එජාපය වැඩි ඡන්ද 64,107 ක් දිනා ගත්තේය.
මේ තත්ත්වය 17 වසර එජාප පාලනයකින් පසු 1994 දී පැවැති මහ මැතිවරණයේදී ද දැකිය හැකිය. මධ්‍යම පළාතේ මහියංගනය ආසනය පමණක් දිනා ගත් එජාපය මෙම මැතිවරණයේදී ඡන්ද 34, 98, 370 ක් දිනා ගත්තේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ දිනාගත්තේ ඡන්ද 38, 87, 823 ක් පමණකි.

මෙම මැතිවරණයට පසුව පැවැති ජනාධිපතිවරණයේදී, එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂක ගාමිණි දිසානායක ඇතුළු එජාප ප‍්‍රබලයින් විශාල පිරිසක් ඝාතනය කෙරිණ. ඒ නිසා එජාප අපේක්ෂකත්වය ගාමිණි දිසානායක මහතාගේ වැන්දඹු බිරිය ශ‍්‍රීමා දිසානායකට හිමිවිය. එවැනි තත්ත්වයක් හමුවේ පවා මහ මැතිවරණයෙන් ද දැවැන්ත ජයග‍්‍රහණයක් ලබා ගෙන ආණ්ඩු බලය හිමිව සිටි පොදු පෙරමුණට තීරණාත්මක අභියෝගයක් දෙන්න එජාපයට හැකිවිය. එහිදී එජාප අපේක්ෂිකාව වූ ශ‍්‍රීමා දිසානායක මහත්මිය මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 35.91 ක් දිනා ගත්තාය. ඊට පසුව පැවැති 1999 ජනාධිපතිවරණයෙන් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ සියයට 42. 71 ක් ද 2005 ජනාධිපතිවරණයෙන් සියයට 48. 43 ක් දිනා ගත්ත්තේ ශ‍්‍රී ලංකාවේ දැවැන්තම ජනතා බලයක් හිිමි එකම දේශපාලන පක්ෂය එජාපය වන බවට සහතිකයක් ලබා දෙමිනි.

මේ ඡන්ද ප‍්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ එජාපය සතු, ඕනෑම අභියෝගාත්මක අවස්ථාවකදී නොසැලී පවතින අති දැවැන්ත ඡුන්ද පදනමය. මෙවැනි අති දැවැන්ත, පුළුල්ව පැතිරුණ ඡුන්ද පදනමක් ශ‍්‍රී ලංකාවේ වෙනත් කිසිම දේශපාලන පක්ෂයකට නොමැත. සරලව කිවහොත් එක්සත් ජාතික පක්ෂයට කරට කර තරඟයක් දෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය 1956, 1960 ජූලි, 1970, 1994, 2005 ආදි සෑම අවස්ථාවකදීම සුළු දේශපාලන පක්ෂ හා වාමාංශික පක්ෂ සමග සන්ධාගත වෙමින් මැතිවරණවලට ඉදිරිපත් වූ අතර ශ‍්‍රීලනිපය තනි පක්ෂයක් ලෙස ඉදිරිපත්ව ආණ්ඩු බලය දිනාගත් 1960 ජූලි මහ මැතිවරණයේදී ලබාගත්තේ ඡන්ද 10,22, 154 ක් පමණකි. එහෙත් මෙම මැතිවරණයේදී එජාපය ඡන්ද 11, 43, 290 ක් දිනා ගත්තේය.

දැවැන්ත සංවර්ධනයක නියමුවා

එක්සත් ජාතික පක්ෂයට 73 වසරක් සපිරෙන්නේ මේ, 2019 වසරේ සැප්තැම්බර් මස 06 වැනිදාටය. ( එජාපය ආරම්භ කරන්නේ 1946 සැප්තැම්බර් 06 වැනිදාය ) දශක දෙකකට අධික කාලයක් ( 1994 – 2015 ) බලය රහිතව විපක්ෂයේ සිටි නිසා ද එකී කාලය පුරා ආණ්ඩුවේ හා ආණ්ඩුවේ මාධ්‍ය ‘ගොබෙල්ස් න්‍යාය’ මොනවට අත්හදා බලමින් සමාජගත කළ බොහෝ දේ නිසා ද වත්මන් තරුණ පරම්පරාව පමණක් නොව මැදිවයස් පරම්පරාව පවා වසර 70 ක ස්වර්ණමය අතීතයක් හිමි එජාපය ගැන දක්වන්නේ ඍණාත්මක ආකල්පයකි. නැතහොත් එජාපය යනු රටට, ජනතාවට කිසිවක් නොකළ, රට පවාදීම ම පරම අභිලාෂය කරගත් අන්ත ප‍්‍රතිගාමී / ජනතා විරෝධී පක්ෂයක් වශයෙනි.

එක්සත් ජාතික පක්ෂයේ 70 වසරක ස්වර්ණමය මෙහෙවර දෙස අවධානය යොමු කිරීමේදී එහි සුවිශේෂ ලක්ෂණ කිහිපයක් හඳුනා ගත හැකිය.

එජාපයේ දේශපාලන දර්ශනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී වන අතර ආර්ථික දර්ශනය ලිබරල් ධනවාදී එකක් වශයෙන් සැලකේ. ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පරිසරක් තුළ පුද්ගලික ආර්ථික නිදහස්කරණය තුළ එජාප ආර්ථික සංවර්ධන උපාය මාර්ග ක‍්‍රියාත්මක වූ අතර අවස්ථානුකූලව හා සමාජය විසින් ඉල්ලා සිටින ආකාරයේ සමාජ සුබසාධන ක‍්‍රියාවලියක් ද එජාප පාලන යුගයන් තුළ පැහැදිලිව ක‍්‍රියාත්මක විය. ඒ අනුව ධනවාදී ආර්ථික උපාය මාර්ග මතින් ආර්ථික අභියෝග ජයගනිිමින් ද එකී ආර්ථික ප‍්‍රතිලාභ මතින් උප්පාදනය වන ආර්ථික අතිරිත්තය සමාජයේ අන්තිය පිරිස් වෙත ගලා යන ප‍්‍රමුඛ සුබසාධන වැඩපිළිවෙළක් ද එජාපය යටතේ සක‍්‍රීය ආකාරයෙන් ද ඵලදායී ආකාරයෙන් ද ක‍්‍රියාත්මක විය.

ඞී.එස් සේනානායක යුගය

බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් දේශපාලන නිදහස දිනාගත් පසු පැවැති පළමු මහ මැතිවරණයෙන් ආණ්ඩු බලය දිනාගන්නේ ඞී.එස්. සේනානයක මහතා නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය විසිනි. නව ආණ්ඩුවේ අගමැතිවරයා බවට පත්වන්නේ රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයේ සිට බලවත් හා රටේ සංවර්ධනය දැන පැහැදිලි හා තිරසර දැක්මක් තිබූ ඞී.එස්. සේනානායක මහතාය.

කෘතහස්ත දේශපාලනඥනයෙකු වන ඞී.එස් සේනානායක මහතා තම කැබිනට් මණ්ඩලය පත් කර ගැනීමේදී පක්ෂයේ අනන්‍යතාව මෙන්ම රටේ සංවර්ධන අභියෝග කෙරෙහිද මනාව සංවේදී වූ ආකාරයක් දැකිය හැකිය. ඒ අනුව එජාප ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන්නේ රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයේ සිට දේශපලනයේ නියැලි සිටිමින් රටේ සංවර්ධනය කෙරෙහි දැවැන්ත මෙහෙයක් කළ පිරිසකි. ඒ අතර සර් ජෝන් කොතලාවල, ඩඩලි සේනානායක, ප‍්‍රමුඛ වන අතර එජාපයේ අනාගත දිදුලන දේශපාලන නායකත්වය බවට පත් වීමට නියමිතව සිටි තරුණ දේශපාලනඥයෙකු වූ ජේ. ආර්. ජයවර්ධන ( මුදල් ඇමැති ) ඉදිරියෙන්ම සිටියහ.
ඞී.එස් සේනානයක ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන උපාය මාර්ග ඒ යුගයට සාපේක්ෂව වඩාත් ඉදිරියෙන් සිටියේය. මුල්ම රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයේ සිට කෘෂි කාර්මික සංවර්ධනය කෙරෙහි ඞී.එස්, ඩඞ්ලි දැඩි අවධානයක් යොමු කරමින් සිටි නිසා පළමු ආණ්ඩුවත් ඒ මග වඩාත් තිරසර ආකාරයෙන් ගමන් කළේය. ඞී.එස් සේනානායක ආණ්ඩුවේ කෘෂිකර්ම හා ඉඩම් ඇමැතිවරයා ඩඞ්ලි සේනානායක වූ නිසා මෙය වඩාත් පහසු හා කාර්යක්ෂම විය. ඒ අනුව නිදහස් ශ‍්‍රී ලංකා මුල්ම ආණ්ඩුව දේශීය කෘෂි ආර්ථිකය හා ඒ මගින් ඒ කාලයේ ලංකාවේ අති විශාල පිරිසක් වූ ග‍්‍රාමීය ගොවි ජනතාවගේ දියුණුව කෙරෙහි වඩාත් වැඩි අවධානයක් යොමු කළේය.
ඞී.එස් සේනානායක යුගය සමකළ හැක්කේ ලංකාවේ දැවැන්තම කෘෂිකාර්මික හා ආර්ථික සංවර්ධනය සිදු වූ, ලංකාව ‘පෙරදිග ‘‘ධාන්‍යාගාරය’ බවට පත් වූ ‘මහා පැරකුම් යුගය’ටය. ( පළමුවන පරාක‍්‍රමබාහු ) මහ පැරකුම්බාවන්ගෙන් පසු ලංකාවේ ‘ගොවි ජනපද ව්‍යාපාරය’ වඩාත් සක‍්‍රියව ක‍්‍රියාත්මක වන්නේ ඞී.එස් යුගයේදීය. දකුණු ඉන්දීය ආක‍්‍රමණ හා අධිරාජ්‍යවාදීන්ගේ පාලනය තුළ වල්බිහිවී විනාශය කරා ගමන් කරමින් තිබූ අනුරාධපුරය, පොළොන්නරුව ඇතුළු රජරට බිම් යළි සහලින් ස්වයං පෝෂිත කරමින්, විනාශ මුඛය කරා ගමන් කරමින් තිබූ රජරට වාරි ශිෂ්ඨාචාරය යළි පුබුදු කිරීම මේ ඞී.එස් යුගයේ වාරිකාර්මාන්ත සංවර්ධනය මගින් සිිදුවිය. ගල්ඔය ව්‍යාපාරය, උඩවලව ජලාශය, සේනානායක සමුද්‍රය, ඞී.එස්. සේනානායක මහතාගේ කෙටි කාලීන ආණ්ඩු කාලය තුළ සිදු වූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති අතර ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය.
මේ මගින් ලංකාවේ ගොවි ජනතාව මෙන්ම, ඉඩම් අහිමිව සිටි තෙත් කලාපයේ ජනතාත් දැවැන්ත ප‍්‍රතිලාභයක් ලැබුණේය. අදටත් ලංකාවට බත සපයන්න දැවැන්ත දායකත්වයක් දෙන, අම්පාර, පොළොන්නරුව දිස්ත‍්‍රික්ක ජනාවාස වීම පමණක් නොව සංවර්ධනය වීම පවා සිදු වුයේ ඞී.එස්. සේනානායක ආණ්ඩුව විසින් දියත් කළ ගොවිජනපද ව්‍යාපාරය නිසා බව පොදු පිළිගැනීමයි. එමෙන්ම තෙත් කලාපයේ ඉඩම් අහිමි ජනතාව වියළි කලාපයේ ගොවිජනපදවල පදිංචි කිරීම සමග තෙත් කලාපයේ ඉඩම් ගැටලූවටත් තිරසර විසඳුමක් ලැබුණේය. ලංකාවේ ජනවාර්ගික සංයුතිය අතින් ගත් විටත් වියළි කලාපයේ ගොවිජනපද ව්‍යාපාරය තුක්කල් බලා කළ දෙයක් වශයෙන් අද අවිවාදයෙන් පිළිගැනේ.

සැන් ප‍්‍රැන්සිස්කෝ දේශනය

ඞී.එස්. සේනායක ආණ්ඩුව ගොවි ජනපද ව්‍යපාරය කෙරෙහි වඩාත් ප‍්‍රමුඛ අවධානයක් යොමු කරන අතරේ ‘කොළඹ ක‍්‍රමය’ නම් ජාත්‍යන්තර සංවර්ධන වැඩසටහන තුළත් ප‍්‍රබල කාර්යය භාරයක් ඉටු කළේය. විශේෂයෙන් මුදල් ඇමැති ජේ. ආර්. ජයවර්ධන කොළඹ ක‍්‍රමය තුළින් රටේ භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනයට පියවර ගත්තේය.

මේ යුගයේ ලංකාවේ නාමය හා බෞද්ධ භාවිතය ලෝකයාගේම අවධානයට යොමු කිරීමට එජාප නායකයෙකු වූ මුදල් ඇමැති ජේ. ආර්. ජයවර්ධනට හැකි විය. ඒ ප‍්‍රකට ‘සැන්ප‍්‍රැන්සිස්කෝ දේශනය’ මගිනි. දෙවැනි ලෝක සංග‍්‍රාමයේදී ජපානයට එරෙහි යුධ අපරාධ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ‘සැන් ප‍්‍රැන්සිස්කෝ සමුළුවේදී ජේ. ආර්. ජයවර්ධනය කළ දේශනය ලෝකයාගේ දැඩි අවධානය දිනාගත්තා පමණක් නොව ජපානය ලංකාවේ ළඟම මිතුරකු බවටත් පත් කළේය. අදත් ලංකාවට ණය නොවන සංවර්ධන ආධාර සපයන ප‍්‍රධාන රට ජපානය වී ඇත්තේ සෝවියට් දේශය ප‍්‍රමුඛ සමාජවාදී රාජ්‍යවලින් ජපානයට එල්ල වූ දැඩි බලපෑම පරාජය කරමින් යුධ අපරාධවලින් ජපානය ගළවා ගෙන එය දුර්වල කිරීමට ගත් ප‍්‍රයත්නය පරාජය වුණේ ජේ.ආර්. ජයවර්ධන විසින් ‘‘වෛරයෙන් වෛරය නොසංසිඳේ, අවෛරයෙන් වෛරය සංසිඳේ ’ යන බුද්ධ දේශනාව උපුටා දැක්වමින් එදා සැන් ප‍්‍රැන්සිස්කෝ සමුළුවේදී කළ ඓතිහාසික දේශනය නිසාය.

සැකසුම : ප‍්‍රසන්න ධම්මික විතානගේ

Recommended For You

About the Author: Editor