මම පෙළවහක් කර ගන්න එකක් නැහැ – ජනප‍්‍රිය නිළි උදයන්ති කුලතුංග

ජනප‍්‍රිය නිළි උදයන්ති කුලතුංග සිවුවැනි වතාවේදී තම හිනය සැබෑ කර ගත්තා ය. ඒ ‘‘රයිගම් ටෙලි සම්මාන උළලේ හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගැනීම සමගිනි. උදයන්තිට මෙවර වාසනාව රැුගෙන ආවේ ස්වාධීන රූපවාහිනයෙන් විකාශනය වූ ‘‘සහහෝදරයා’’ ටෙලි නාට්‍යය යි.

උදයන්ති එහෙම නම් මේ පාර සිහිනය සැබෑ වුණා නේද ?

ඇයි එහෙම කියන්නේ. මම කවදාවත් සම්මාන ලබාගෙන රඟපාල නැහැනේ.

ඒ කියන්නේ හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනාගත්ත එක ගැන සතුටු නැහැ …?
සතුටුයි. ඇත්තම කියනවා නම් තවම හිතා ගන්නවත් බැහැ.

සම්මාන උළෙලට සහභාගී වෙන කොට මේ ගැන දැනගෙන හිටියේ නැද්ද ?

කොහොම දැන ගන්න ද ? හොඳම සහාය නිළියට මගේ නම නිර්දේශ වෙලා තිබුණා. නමුත් සම්මානය ලැබෙයි කියලා හිතුවේ නම් නැහැ. මීටත් ඉස්සර අවස්ථා තුනකදී මගේ නම නිර්දේශ වුණානේ. ඒත් සම්මානය හිමි වුණේ නැහැනේ. ඒ නිසා මම හිතුවා මේ සැරෙත් එහෙම වෙයි කියලා. ඒකයි සම්මානය හිමිවීම ගැන පුදුම වෙන්නේ.

සහෝදරයා තමයි සම්මානේ දුන්නේ නේද ?

අනේ ඕව්. සුරංගි තමයි මේ වාසනාව ගෙනාවේ. සහෝදරයා අධ්‍යක්ෂ නාමල් ජයසිංහ අපේ හැකියාවෙන් උපරිම ප‍්‍රයෝජන ගත්තා වගේම අපිටත් රඟපාන්න උපරිම නිදහස දුන්නා. ඒ නිසා අපි ඉතාම ආසාවෙන් සහ උනන්දුවෙන් තමයි සහෝදරයා ටෙලි නාට්‍යයේ රඟපෑවේ. සහෝදරයා ටෙලි නාට්‍යයට සම්මාන කිහිපයක් ම හිමි වුණේ ඒ නිසයි.

සහෝදරයා රඟපාද්දී ලැබුණ රසවත් අත්දැකීම් ඇති නේද ?

ඇත්ත, හරියට රංගන පාසලකට ගියා වගෙයි. අපි හැම වෙලේම අපිට ලැබුණු චරිත එක්ක ජීවත් වුණා. මේ ටෙලි නාට්‍ය මුදල් මත හැම දේම තීරණය වන කාලෙක නිර්මාණයට වගේම කලාකරුවන්ටත් වටිනාකමක් දුන්නා. ඒ වාගේ නිර්මාණයකට මාව සම්බන්ධ කර ගත්ත අධ්‍යක්ෂ නාමල්ට වගේම අනෙක් අයටත් ස්තූති කළ යුතුයි.

මේ ප‍්‍රථම සම්මානය ද ?

අනේ නැහැ, මීට ඉස්සර සම්මාන පහක් ලැබිලා තියෙනවා. ඒත් හොඳම සහාය නිළියට හිමි සම්මානය නම් ලැබුණේ මුල්ම වතාවට.

ඒ කියන්නේ තම තියෙන්නේ එක අඩියයි ?

ඒ මොකකට ද?

ඇයි හොඳම නිළියට ?

අම්මෝ, මට නම් එහෙම අදහසක් තුන් හිතකවත් නැහැ. ඒවාගේ සම්මානයක් මට බර වැඩියි. ඒත් සම්මාන ලැබුණත් නොලැබුණත් හැම නිර්මාණයකදීම උනන්දුවෙන් වගේම කැපවීමෙන් වැඩ කරනවා.

උදයන්තිත් නිර්මාණ තෝරා බේරා ගෙන ද රඟපාන්නේ ?

මුලදී නම් එහෙම කළේ නැහැ. ඒත් දැන් නම් ඒ ගැන හොයලා බලනවා. ඒනිසා වැඩිය වැඩ කරන්නේ නැහැ. අවුරුද්දට නිර්මාණ දෙක තුනක විතරයි වැඩ කරන්නේ. ඒකත් හොඳ නම් විතරම යි. පසුගිය අවුරුද්දේ මම ‘‘මිණි ගං දෑල’’ සහ ‘‘සහෝදරයා’’ පමණයි කළේ. මේ අවුරුද්දේ තාම එක හොඳ නිර්මාණයක් වත් ලැබුණේ නැහැ.

ජීවත් වෙන්න මේ ගාන ඇති ද ?

මුදල් ලැබෙන හොඳ නිර්මාණ දෙක තුනක් කළාම හොඳටම ඇති. ගොඩක් කළා කියලා මුදල් ලැබෙන්නේ නැතිනම් වැඩක් නැහැනේ. මම එහෙම අවස්ථාවලට මුහුණ දීලා තියෙනවා. සමහර නිර්මාණ අපි උපරිමයෙන් කළාට ටෙලිකාස්ට් වෙන්නෙත් නැහැ.

සිනමා රංගනය ගැන මොකද හිතෙන්නේ ?

සිනමාවට කැමැතියි. හොඳ නිර්මාණ ලැබෙනවා නම් රඟපානවා. පසුගිය කාලේ මම රඟපෑ ‘‘සුභ තෙරණිය’’ සහ ‘‘භව තරණය’’ චිත‍්‍රපට දෙක එන්න තියෙනවා.

පෙළවහක් කර ගන්න කැමැති නැද්ද ?

මම පෙළවහක් කර ගන්න එකක් නැහැ. දැන් නම් විවාහය ඔනෑ නෑ කියලා හිතෙනවා. ආදරෙන් ඉන්න කපල් දැක්කම සතුටුයි. ඒත් හැම කෙනාටම හැම දේම ලැබෙන්නේ නැහැනේ. ඒ වගේ විවාහය කියන එක මට උරුම නැතිව ඇති.

සංවාදය – භාතිය

Recommended For You

About the Author: Editor