අයවැය ඡන්දයේදී ශ‍්‍රීලනිපය තවමත් වැට උඩ

අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද සවස සිදුවෙනවා. අයවැයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය මේ වන විටත් තීරණය කර ඇති අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මේ සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නැතැයි වාර්තා වේ.

අයවැය ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡ කිරීම සඳහා ඊයේ ජනපති මෛත‍්‍රීපාල සිරිසේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු අතර පැවැති සාකච්ඡව කිසිදු එකඟත්වයකින් තොරව අවසන් වී තිබෙනවා.

මේ අතර අයවැය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම අද පෙරවරුවේ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන සමග කිරීමට නියමිත බව ශ‍්‍රීලනිපය සඳහන් කරනවා.

ශ‍්‍රීලනිපයෙන් සුබවාදී ප‍්‍රතිචාර තිබෙනවා – ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රී උදය ගම්මන්පිල

මේ සම්බන්ධයෙන් ‘‘ලංකා ඊ ප්‍රෙස්’’ කළ විමසීමකදී ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ, ඒකාබද්ධ විපක්ෂය අයවැයට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කිරීමට ගත් තීන්දුව ඒ ආකාරයෙන්ම සිදුවන බවත් ශ‍්‍රීලනිපය මන්ත‍්‍රී කණ්ඩායම ද ඒ සම්බන්ධයෙන් සුබවාදී තීන්දුවක් ගනු ඇතැයි තමන් විශ්වාස කළ හැකි ලකුණු දැකිය හැකි බවයි. බදු වැඩි කරන, සහනාධාර කප්පාදු කරන මෙම අයවැයට විරුද්ධව ඡුන්දය භාවිත කිරීමට සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පියවර ගත යුතු බව ද ගම්මන්පිල අවධාරණය කළා.

ඒකාබද්ධ විපක්ෂය හොම්බ බිම ඇන ගන්නවා – එජාප මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන

අයවැය තෙවනවර කියවීමේ ඡුන්ද විමසීම සම්බන්ධයෙන් එජාප ස්ථාවරය පැහැදිලි කළ එජාප මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන සඳහන් කළේ අද සවස සිදුවන ඡන්ද විමසීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂය හොම්බ බිම ඇණ ගනු ඇති බවයි. ආණ්ඩුවට ඉතාම පහසුවෙන් ඡන්ද 114ක් ලබා ගැනීමේ හැකියාව ඇතැයි කී කාවින්ද ජයවර්ධන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ද මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් ආණ්ඩුවට පක්ෂව ඡන්ද ප‍්‍රකාශ කිරීම සඳහා සූදානමින් සිටින බව ද හෙළි කළේය.

ශ‍්‍රීලනිප – දෙමළ සන්ථාන අවස්ථාවාදී පිළිවෙත ගැටලූවක් – ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ

‘‘ලංකා ඊ ප්‍රෙස්’’ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ, ශ‍්‍රීලනිපය සහ දෙමළ ජාතික සන්ධානය අනුගමනය කරන අවස්ථාවාදී පිළිවෙත හේතුවෙන් ආණ්ඩුව අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ජයගනු ඇති බවයි. විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරු සහ පක්ෂ විපක්ෂයේ වගකීම ඉටු නොකිරීම මේ සඳහා හේතුව බව ද මේ කණ්ඩායම විවිධ අවස්ථාවලදී ආණ්ඩුව සමග එක්ව ඡන්දය ප‍්‍රකාශ කිරීම ගැටලූවක් වී තිබෙන බව ද සේමසිංහ වැඩි දුරටත් සඳහන් කළා.

Recommended For You

About the Author: Editor