අවුරුදු සමයේ ජල කප්පාදුවක් නෑ : ජල මණ්ඩල සභාපතිගෙන් සහතිකයක්

පසුගිය දිනවල ජල සැපයුමේ යම් යම් බිඳ වැටීම් ඇතුළු ගැටලූ කිහිපයක් නිර්මාණය වුවත් ඉදිරි සිංහල සහ හින්දු අලූත් අවුරුදු සමයේ අඛණ්ඩව ජලය ලබාදීමට පියවර ගන්නා බව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලයේ සභාපති  කේ. අන්සාර් පවසනවා.

ජල මණ්ඩල සභාපතිවරයා මෙසේ ද සඳහන් කළා. ‘‘මේ දිනවල දිවයින පුරා පවතින වියළි කාල ගුණය නිසා මේ දිනවල ඇතැම් ප‍්‍රදේශවල ජල කප්පාදුවක් සහ අඩු පීඩනයක් යටතේ ජලය ලබාදීම සිදුවිය හැකියි. ඊට හේතුව වන්නේ වත්මන් වියළි කාලගුණය නිසා ජලාශවල ජල මට්ටම අඛණ්ඩව පහළ යාමයි. එය අපට පාලනය කළ නොහැකියි. වත්මන් ගැටලූවට ප‍්‍රධාන හේතුවත් එයයි. ඒ නිසා හැකි උපරිම ආකාරයෙන් ජලය ප‍්‍රවේශමෙන් පරිහරණය කිරීමයි ජල පාරිභෝගිකයින් ද කළ යුතු වන්නේ. ඒ වගේම ඇතැම් ප‍්‍රදේශවල විදුලිබලය කප්පාදු කළ විට ජල සැපයුම ද කප්පාදු කිරීමට සිදුවෙනවා. විදුලි බලය නැතිවිට අපිට ජල සැපයුම් ලබාදීමට හැකියාවක් නැහැ. ඒ නිසා හැකි සෑම විටම අතිරේක ජලය රැුස්කර තබා ගැනීම සහ ප‍්‍රවේශමෙන් ජලය භාවිත කිරීම සිදුවිය යුතු’’ යැයි ද ජල මණ්ඩල සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කරනවා.

Recommended For You

About the Author: Admin