කලක ජනතා වීරයෙක් වූ තවත් ඒකාධිපතියෙක් පුටුවෙන් පන්නා දමයි

වසර 20කට ආසන්න කාලයක් ඇල්ජිරියාව පාලනය කළ ජනාධිපති අබ්දෙල්ලාසිස් බොටෙෆ්ලිකා පසුගිය දා ජනතා උද්ඝෝෂණ හමුවේ ජනපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව ඇල්ජිරියාවේ ඒ.එෆ්.පී පුවත් සේවය වාර්තා කළා.

පසුගිය පෙබරවාරි මාසයේ සිට බොටෙෆ්ලිකාට එරෙහිව ඇල්ජිරියානු ජනතාව අඛණ්ඩ උද්ඝෝෂණයක නිතරව සිටින අතර විරෝධතාකරුවන් සමග ඇල්ජිරියානු හමුදාව ද එක්වීම සමග ජනපතිවරයා ඉල්ලා අස්වීම නිවේදනය කළා.

82 හැවිරිදි වියේ පසුවන බොටෙෆ්ලිකා 2016 වර්ෂයේ සිට ප‍්‍රසිද්ධියේ පෙනී සිටියේ නැහැ. ඊට හේතුව වුණේ ඔහු 2005 වසරේ නොවැම්බර් මාසයේදී ඇති වූ දරුණු අඝාත තත්ත්වයට ප‍්‍රතිකාර ගැනීම සඳහා ප‍්‍රංශයේ රැුඳී සිටිමින් ප‍්‍රතිකාර ලබා ගැනීමයි.

20 වසරක් පුරා අඛණ්ඩව ඇල්ජිරියාව පාලනය කළ බොටෙෆ්ලිකාට එරෙහිව දීර්ඝ කාලයක් පුරා ජනතා විරෝධය පැවතුණා. ඒත් ඔහු අඝාත රෝගය වැළඳීමෙන් පසු හෝ බලයෙන් ඉවත් වනු ඇතැයි ඇල්ජිරියානුවන් විශ්වාස කළත් එය ඉටු වුණේ නැහැ. ඒ වෙනුවට අපේ‍්‍රල් 18 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයට යළි තමා තරඟවදින බව ඔහු ප‍්‍රකාශ කළා. ජනපතිවරයාගේ මෙම ප‍්‍රකාශය බහුතරයක් ඇල්ජිරියානුවන්ගේ කෝපයටත් විස්මයටත් හේතු වුණා. වියපත්, සෞඛ්‍ය අතින් අතිෂයින් දුර්වල පාලකයාගේ බල තණ්හාවට ඔවුන් දැඩිව විරෝධය පළ කළා.
ජනතා උද්ඝෝෂණ ප‍්‍රබලවත්ම බොටෙෆ්ලිකා පසුගිය දා යළි මවුබිමට පැමිණියා. ඒ ඔහුටම අයත් පුද්ගලික ජෙට් යානයකින්. වසර කිහිපයකට පසු යළි ප‍්‍රසිද්්ධියේ ජනතාව හමුවේ ඔහු පෙනී සිටියේ රෝද පුටුවක ආධාරයෙන්. මේ ආකාරයෙන් ජනපතිවරයා දුටු ජනතාව තව තවත් කුපිත වුණා. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ ජනපති බොටෙෆ්ලිකා දැඩි සේ රෝගාතුරව සිටින බවත් රාජ්‍ය පාලනය කිරීමට ඔහුට ශක්තියක් නොමැති බවයි.

මාර්තු මස ආරම්භයේදී ජනපතිවරයාට එරෙහි මහජන උද්ඝෝෂණ වඩාත් ප‍්‍රබල වූ අතර තමා ධූරයෙන් සමුගැනීමට සූදානම් බව මේ අතර ඔහු නිවේදනය කළා. මේ අතර හමුදාවෙන් ද වහාම ධූරයෙන් ඉවත් වන ලෙස බොටොෆිලිකාට දැඩි බලපෑම් එල්ල වූ අතර අවසානයේ බල තණ්හාව තිබියදීම පුටුවෙන් බැස යාමට බොටොෆිලිකා තීරණය කළා.

බොටෙෆ්ලිකා ධූරයෙන් ඉවත් වීම ජනතාව ලැබූ පැහැදිලි ජයග‍්‍රහණයක් බව පැවසෙනවා. මෙම මහජන උද්ඝෝෂණවලදී ඉදිරියෙන්ම සිටියේ ඇල්ජිරියානු තරුණ ප‍්‍රජාවයි. ඇල්ජිරියානු තරුණ ප‍්‍රජාව පවසන්නේ කඩිනමින් තම රටේ පවතින දේශපාලන පද්ධතිය දැඩි ප‍්‍රතිසංස්කරණයකට ලක්විය යුතු බවයි. හමුදාවට වැඩි බලයක් සහිත ඇල්ජිරියාවේ ¥ෂිත ආණ්ඩු, ඒකාධිපති ආණ්ඩු ආරක්ෂා කිරීමට හමුදාව බොහෝ විට කටයුතු කර තිබෙනවා. බොටෙෆ්ලිකා ඉල්ලා අස්වීම වැළැක්වීමට පවා ඇතැම් හමුදා ප‍්‍රබලයින් සහ දේශපාලනඥයින් පියවර ගෙන තිබූ බව වාර්තා වෙනවා. මේ ගැන අදහස් දක්වන ඇල්ජිරියානු විපක්ෂය පවසන්නේ ජනපති බොටෙෆ්ලිකා ඇතැම් හමුදා ප‍්‍රධානීන්ගේ, දේශපාලන හා ව්‍යාපාරික කල්ලිවල අතකොලූවක් වූ බවයි.

මේ අතර අපේ‍්‍රල් මස 18 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ජනපතිවරණය මාස තුනකින් කල් දැමීමට පාලක ‘‘ජාතික නිදහස් පෙරමුණ’’ තීරණය කළා. ඒ සඳහා සෙසු දේශපාලන පක්ෂවල සහාය හිමි වී තිබෙනවා. ඒ සමග දේශපාලන ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජාතික කථිකාවක් ආරම්භ කිරීමට ද ජාතික නිදහස් පෙරමුණ සූදානමින් සිටිනවා.
උතුරු අප‍්‍රිකානු රාජ්‍යයක් වන ඇල්ජිරියාව ප‍්‍රංශයේ යටත් විජිතයක් ව තිබී 1962දී නිදහස දිනා ගත්තා. ඒ සඳහා වසර 07ක සන්නද්ධ අරගලයක් කිරීමට ඇල්ජිරියානුවන්ට සිදු වුණා. නිදහස් සටනේ ක‍්‍රියාකාරී කණ්ඩායමක් විසින් පසුව ‘‘ජාතික නිදහස් පෙරමුණ’’ පිහිටුවා ගත් අතර මේ 1962 සිට මේ දක්වා අඛණ්ඩව ඇල්ජිරියාව පාලනය කරන්නේ ජාතික නිදහස් පෙරමුණ විසිනුයි.

1999 දී බලයට පත් බොටෙෆ්ලිකා ජීවිත 150,000ක් බිලිගත් ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව ගෙන ගිය සටනේ දී ජනතා ආකර්ෂණය දිනා ගත් ප‍්‍රබල නායකයෙක්. එහෙත් ඒ සියල්ල පරදා ඔහුගේ බලලෝභීත්වය ජය ගත්තා. අවසානයේ ජනතාවගේ වීරයෙක් වූ බොටෙෆ්ලිකාට ජනතාවගේ සහ තමා නායකත්වය දුන් හමුදාවේ ම බලපෑම හමුවේ පුටුවෙන් බැස යාමට සිදු වුණා.

යටත් විජිතවාදීන්ට, ත‍්‍රස්තවාදීන්ට හෝ අන්තවාදීන්ට එරෙහි සිවිල් අරගල ජයග‍්‍රහණය කර ජනතාවගේ වීරයින් බවට පත් ලෝකයේ බොහෝ නායකයින් අවසානයේ සාදාකාලික යැයි සිතා සිටින බල තණ්හාව නිසා ජනතා අප‍්‍රසාදයට පත්වී පුටුවෙන් බැස යන ආකාරයක් ලෝකයේ බොහෝ තැන්වලින් දැකගත හැකි වුණා.
සටහන : භාතිය බරුකන්ද

Recommended For You

About the Author: Editor