ලසිත් මාලිංගගේ ගාල්ල සහ චන්දිමාල්ගේ කොළඹ අවසන් වටයට

මැයි මස 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට ක‍්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ‘‘සුපිරි පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ’’ අවසන් මහා තරගයේ තම ස්ථාන වෙන්කර ගැනීමට ගාල්ල සහ කොළඹ කණ්ඩායම් සමත් විය.

ගාල්ලට දැවැන්ත ජයක්

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම සහ ඇන්ජලෝ මැතිව්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම අතර තරගය පසුගිය 06 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ දී පැවැත්විණි. මුලින්ම පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුළු 09කට ලකුණු 345ක් රැුස් කළේය. එහිදී වර්ණවත් පිති හරඹයක නිරත වූ ධනංජය ද සිල්වා පන්දු 76කදී ලකුණු 89ක් රැුස් කළ අතර ඊට හතරේ පහර 11ක් ඇතුළත් විය. ධනංජයට සුපිරි සහායක් දෙමින් ළහිරු තිරිමාන්න ලකුණු 82ක් සහ මිලින්ද සිරිවර්ධන ලකුණු 65ක් ද රැුස් කළහ.

ලකුණු 346ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 46.5කදී සියලූම ක‍්‍රීඩකයින් දැවී රැුස්කර ගත හැකි වූයේ ලකුණු 269ක් පමණි. ඒ වෙනුවෙන් නායක ඇන්ජිලෝ මැතිව් ලකුණු 78ක් සහ අශාන් පි‍්‍රයන්ජගේ ලකුණු 41කින් දායකත්වය ලබා දුන්හ. අවසානයේදී තරගයෙන් ලකුණු 76ක දැවැන්ත ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත් විය.

කොළඹට තියුණු ජයක්

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම සහ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායම අතර පැවැති තරගයේදී තියුණු ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ කොළඹ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර පන්දු වාර 50 තුළදී කඩුළු 6ක් දැවී ලකුණු 289ක් රැුස් කළේය. එහිදී සුපිරි පිතිහරඹයක නිරත වූ ෂෙහාන් ජයසූරිය ලකුණු 115ක් රැුස් කිරීම විශේෂත්වයක් විය.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ මහනුවර කණ්ඩායම පන්දු වාර 39කදී ලකුණු 209ක් රැුස් කරමින් සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට සිදු වූ අතර නැවත තරගය ආරම්භ කිරීමට අවස්ථාවක් නොවීය. මහනුවර කණ්ඩායම වෙනුවෙන් සංගීත් කුරේ ලකුණු 82ක් රැුස් කළේය. ඩක්වර්ත් හා ලූවිස් න්‍යාය අනුව මහනුවර කණ්ඩායමට ලකුණු 03ක තියුණු ජයග‍්‍රහණයක් හිමිවිය.
ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම් දෙකම තරගාවලියේදී තමන් මුහුණ දුන් තරග දෙකම ජයග‍්‍රහණය කිරීමට සමත් විය.

සටහන – තුසිත ප‍්‍රියංකර

Recommended For You

About the Author: Editor