වැඩවර්ජන කිහිපයකින් පොදුසේවා බිඳ වැටේ : ජන ජීවිතයට බාධා

රට පුරා සේවය කරන ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ අද පෞද්ගලික ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹට රැස් වන බව ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ‘‘ලංකා ඊ ප්‍රෙස්’’ වෙත ප‍්‍රකාශ කළේය. මෙහිදී වැටුප් ප‍්‍රශ්නය සහ විදුලිබල අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව ද කුමාරවඩු මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

අද පෙ.ව 9.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී විශේෂ මහා සභා රැස්වීමක් පැවැත් වෙන අතර ඒ සඳහා පැමිණෙන ලෙස එහි ලේකම් සියලූ සේවකයින් වෙත දැනුම්දීමක් ද කර තිබෙන බව වාර්තා වේ.

සංවර්ධන නිලධාරීන් ද ලෙඩ වෙයි

මේ අතර රට පුරා සේවය කරන රජයේ සංවර්ධන නිලධාරීන් ද හෙට (08) ලෙඩ නිවාඩු දැමීමට තීරණය කර ඇතැයි උපාධිධාරි සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සභාපති චන්දන සූරියආරච්චි මහතා ප‍්‍රකාශ කරයි. වැටුප් විෂමතා, උසස් වීම් ආදි වෘත්තිය ගැටලූ කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය දියත් කරන බව සූරියආරච්චි මහතා ලංකා ඊ ප්‍රෙස් සමග ප‍්‍රකාශ කළේය.

රෝහල් සේවා සියල්ල අඩපණ කිරීමේ සැලසුමක්

රට පුරා සිටින විදුලි ඉංජිනේරුවන් සහ සංවර්ධන නිලධාරීන් ලෙඩ වෙද්දී, ඉල්ලීම් 10ක් මුල්කර ගනිමින් හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 16ක් අද පෙ.ව 7.00 සිට දීප ව්‍යාප්ත එක් දින වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇතැයි, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පවසයි.

මෙහිදී රත්නප‍්‍රිය මහතා සඳහන් කළේ, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ඇතුළු වෘත්තීය සමිති 16ක් වර්ජනය සඳහා එක්වන බවයි.

09 වැනිදා පෙ.ව 8.00 දක්වා අඛණ්ඩව ක‍්‍රියාත්මක වන මෙම වැඩවර්ජනය හේතුවෙන් හේද සේවාවන්, ඖෂධ නිකුත් කිරීම, එක්ස් කිරණ පරීක්ෂණ, ස්කෑන් ආදි රෝග හඳුනා ගැනීමේ පරීක්ෂාවන්, ඇස්, දත් පරීක්ෂා කිරීම්, ශල්‍යගාර කටයුතු ආදි සේවාවන් රැුසක් අඩපණ වනු ඇතැයි කී රත්නප‍්‍රිය මහතා තමන් අත්‍යවශ්‍ය සේවාවන්හි පමණක් නිරත වන බව ද සඳහන් කළේය.
මෙම වැඩවර්ජනය බොරැුල්ල රිජ්ාව් ආර්යා ළමා රෝහල, කාසල්වීදිය කාන්තා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, මහරගම අපේක්ෂා රෝහල ආදි රෝහල් තුළ ක‍්‍රියාත්මක නොකරන බව ද රත්නප‍්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රජයේ විධායක නිලධාරීන්ද වර්ජනයකට සැරසෙයි

විදුලි ඉංජිනේරු, හෙද, සංවර්ධන නිලධාරීන් ආදීන්ගේ වර්ජන තර්ජන සමග තවත් වැඩවර්ජන තර්ජනයක් ජනතාව වෙත එල්ල වී තිබේ. ඒ රජයේ දීප ව්‍යාප්ත හා සාමාන්තර සේවා විධායක නිලධාරීන් අපේ‍්‍රල් මස 16 වැනිදා සිට රජයේ සියලූම සංවර්ධන කටයුතුවලින් මෙන්ම දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවලින් ඉවත් වීමට තීරණය කිරීමයි. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් පහකට (5) විසඳුම් ලබා නොදීමට එරෙහිව මෙම වැඩවර්ජනය දියත් කිරීමට නියමිත අතර මේ සඳහා රජයේ විධායක සේවා නිලධාරීන් 35,000ක් පමණ එක්වීමට නියමිත ය.

තම වැඩවර්ජනයෙන් සාමාන්‍ය ජනතාවට පීඩාවක් සිදු නොවන ආකාරයට අත්‍යවශ්‍ය මහජන සේවාවන් තව දුරටත් ක‍්‍රියාත්මක කරන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා අවධාරණය කරයි.

Recommended For You

About the Author: Editor