ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම ගම්බද සිසුන්ට අසාධාරණයක් නොවන ලෙස කළ යුතුයි – අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම ගම්බද සිසුන්ට අසාධාරණයක් නොවන ලෙස කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යතුමන් මේ බව සඳහන් කළා.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් පත් කළ කමිටු වාර්තාව පැමිණි පසුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ලබන බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පෙන්වා දුන්නේ.

“ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරනවා නම් එය තමයි හොඳම දේ.අපි ඒ සඳහා ක්‍රමවේදයක් සකසමින් ඉන්නවා.අවසන් වාර්තාව ලැබුණු විට ගත යුතු ක්‍රියාමාර්ග ගන්නවා.ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරනවා නම් ගම්වල සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට ඉදිරියට පැමිණිය හැකි ආකාරයක් සකසා එය කළ යුතුයි” යනුවෙන් අධ්‍යාපන අමාත්‍යතුමන් එහිදී සඳහන් කළා.

Recommended For You

About the Author: Editor