ZMessenger සහ Viber අතර ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ඩිජිටල් විසඳුම් ආයතනයක් වන ZMessenger ආයතනය ,ලොව ප්‍රධාන පෙළේ පණිවුඩ යෙදුම් ජාලයක් වන Viber සමග නිළ වශයෙන් කටයුතු කිරීමට ද්විපාර්ශවීය ගිවිසුම් සකස් කර ඇත.

ශ්‍රී ලංකාවේ Viber හි නිල අනුග්‍රාහකයා වශයෙන් zMessenger ආයතනය , මෙමගින් Viber ජාලයට දේශීය සමාගම් හා වෙළෙඳ නාමයන් ප්‍රචලිත කිරීමට හැකි වේ.තව ද රූප, වීඩියෝ දර්ශනය හෝ සබැඳි ධනාත්මක බහුමාධ්‍ය අන්තර්ගතයන් සහිත ප්‍රවර්ධන ලිපි යැවීම මගින් ඔවුන්ගේ ගනුදෙනුකාර පදනම සමඟ සම්බන්ධ වීමට ඉඩ සලසයි. මෙම සන්නාමයන් විසින් සම්ප්‍රදායානුකූලව භාවිතා කරනු ලබන සම්මත කෙටි පණිවුඩ තව තවත් පුළුල් පරාසයක් කරා ගෙන යාම සිදු කරයි. Viber පණිවුඩ මගින් පාරිභෝගිකයින් සමඟ සන්නිවේදනය සඳහා අතිවිශාල අන්තර්ක්‍රියාකාරීත්වයක්, දැනුවත්භාවයක් සහ සන්නාම පක්ෂපාතිත්වයක් ඇති කර ගැනීම සිදු කරනු ලබයි.

මේ පිළිබඳව Zmeessenger හි ජයෝමි ලොකුලියන , සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනිය ප්‍රකාශ කළේ, Viber සමග හවුල් වීමට ලැබීම මඟින් අපගේ සේවාදායකයින්ට පූර්ණ කාලීන වාසියක් ලබා ගැනීමට හැකි වනවා. Viber සමඟ එකතු වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් ආයතනය බවට පත්වීම අපට සතුටක් . ගෝලීය පණිවිඩ හුවමාරු දැවැන්තයා වන Viber සමඟ මෙම සම්බන්ධතාවය නව්‍යකරණය සඳහා අපගේ කැපවීම මඟින් සේවාවන් සම්පූර්ණයෙන්ම නව මට්ටමකට ගෙන යනු ලබනවා

Viber හි ප්‍රධාන ආදායම් නිලධාරී ක්‍රිස්ටිනා කොන්ස්ටාෂේෂා (Cristina Constandache) පැවසුවේÓ zMessenger සමඟ වැඩ කිරීමට අපි මහත් උනන්දුවෙන් සිටිනවා. Viber පරිශීලකයින් සම්පූර්ණයෙන්ම නව මට්ටමක පවත්වා ගෙන යාමට සන්නාමයන් සඳහා ක්‍රමයක් ඉදිරිපත් කිරීමට අපි කැමතියි.සැබවින්ම ඔවුන්ගේ අත්දැකීම් වැඩිදියුණු කරන යමක් ඉදිරිපත් කිරීමට අපි කැමතියි.යනුවෙනි.

Recommended For You

About the Author: Editor