මතකයෙන් ගිලිහී යන ලාංකීය රූකඩ කලාව

රූකඩ යනු ලාංකීය කලා මාධ්‍යන් අතර පැරණිතම කලාවකි .ලොව රටවල් ගණනාවක් තුළ රූකඩ කලාව පැතිරී තිබුණත් ග්‍රී ලාංකීය අපේ රූකඩ කලාවට අපටම විශේෂිත වූ අනන්‍යතාවයක් ඇත.

රූකඩ සදහා මූලික පදනම වැටී ඇත්තේ ලාංකීය ජන සමාජය තුළ පැවති ආගමික,සමාජීය සහ සංස්කෘතික වපසරියයි. මෙහිදී ලංකාවට ආවේණක ලක්ෂණ බිහිවීම සදහා මූළික ලෙස බලපානු ලැබුවේ ලංකාවේ දකුණු පළාත ආශ්‍රිතව ගොඩනැගුණු සාම්ප්‍රදායික බලිතොවිල් ශාන්තිකර්ම,කෝලම්,කඩගම් හා ග්‍රාමීය චරිත කතා ලෙස දැක්විය හැක. ශ්‍රී ලංකාවේ රූකඩ කලාව සදහා මූළික ආභාෂය ලැබී ඇත්තේ දකුණු ඉන්දියාවේ රාජෙස්ථාන් ප්‍රාන්තයෙන් වන බවට සාධක පවතින අතර බලි තොවිල් ශාන්තිකර්ම කෝලම් නාඩගම් සහ ග්‍රාමීය චරිත නාට්‍ය සදහා යොදාගත් වෙස්මුහුණු සහ ඇදුම් පැළදුම් අන්දවා සකස් කරන ලද රූපකායන් නූල් සම්බන්ධ කරමින් සම්ප්‍රදායික නැටුම් හා බෙර වාදනයන්ට අනුව නර්ථනයේ යෙදීමට අපූරු සමත්කමක් දැක්වූ ලාංකීය රූකඩ කලාකරුවා ලංකාවටම ආවේණික සම්ප්‍රදායක් ගොඩනැගීමට ඉඩකඩ විවර කරන ලදී.

ශ්‍රී ලංකාවේ පවත්නා රූකඩ මාධ්‍ය කීපයකි. නිර්මාණය කරන ලද මාධ්‍ය හා රූකඩ හැසිරවීමෙ ස්වභාවය අනුව රූකඩ වර්ග කෙරේ. නූල් රූකඩ, රිටි රූකඩ, සෙවණැළි රූකඩ, අත් රූකඩ, ඇගිලි රූකඩ වශයෙන්ද පෙනුම අනුව ද්විමාන ත්‍රිමාන වශයෙන්ද නිර්මාණය කෙරේ.රූකඩ නිර්මාණකරුවන්ගේ දක්ෂතා අනුව රූකඩ වර්ග නිර්මාණය කිරීම විධිමත් තත්වයක් උසුලයි.

සම්ප්‍රදාය අනුව දැවමය රූකඩ නිරිමාණය කිරීමේදී කදුරු හෝ රුක්කත්තන ගසක් තෝරා ගැනෙන අතර කිසියම් අභිචාර විධියකින් පසුව ගස කපා කොටස් වේලාගෙන පදම් කර අවශ්‍ය කරන රූපය නෙලා ගැනීම සිදු වේ .මිනිස් චරිත සෑදීමේදී සාමාන්‍යෙයන් ශරීර ප්‍රමාණයේ මිනුමි සැකිල්ලකට ගක්නා අතර තවත් කලාවන් දෙකක් වන ප්‍රතිමා කලාව සහ බලි කලාව යන දෙඅංශයෙන් මිනුම් ක්‍රමද අනුගමනය කෙරේ.ශරීරයේ අවයවයන් වල නම්‍යශීලී තැන් බොහෝ දුරට ආදර්ශයට ගෙන සකස් කෙරෙන රූකඩ චරිත වලට ඇදුම් ආයිත්තම් එක් කොට නූල් දමා ඒවා යතුරු පුවරු හෙවත් හැසරීමේ ආධාරක වල අමුණා ගැනේ.එක් එක් චරිත වල ස්වභාවය තරා තිරම අනුව ඒ ඒ ශිල්පීන් විසින් අදාළ රූකඩය රංගනය කෙරෙන අවස්ථාව වන විට රූකඩ කලාවේ රූප නිරිමාණය වෙස් ගැන්වීම ආලෝක කරණය, සංවාද,සංගීතය යෙදීම,වේදිකා සැරසිලි ආදී අංශ ගණනාවක්ම සම්බන්ධ වේ.

මෙරට මෑත කාලීන රූකඩ නාට්‍ය කලාව සැළකූ විට දකුණු ඉන්දියානු ප්‍රභවයකින් ලැබී අනතුරුව ලාංකීකයින් අත වැඩිදියුණු වී විදේශීය අනන්‍යතා ලක්ෂණ ද කැටිව පැවත විත් වර්තමානයේ අපරදිග රූකඩ නාට්‍ය කලාවේද බලපෑම් සහිතව ඉදිරියට ගලායමින් තිබේ.කුඩා ළමයින්ගේ සිට වියත් මහල්ලා දක්වාම විවිධ තරාතිරමේ වුවද එකට රසවිදිය හැකි කලා මාධ්‍යක් ලෙසත් දේශීය කලා අංගයක් ලෙසත් ඉදිරි පරපුර වෙත ද රූකඩ නාට්‍ය කලාව රැකදීම අප සතු වගකීමකි.

සටහන – මධුභාෂිණී උරේෂා කුමාරි

Recommended For You

About the Author: Editor