මාස 10කට ප‍්‍රමාණවත් සහල් තොග තිබෙනවා – කෘෂිකර්ම ඇමැති

ඉදිරි මාස 10 සඳහා ප‍්‍රමාණවත් සහල් තොග රට තුළ ඇතැයි කෘෂිකර්ම ඇමැති පී. හැරිසන් මහතා පවසයි. උත්සව සමයේ දේශීය සහල් මිල හැසිරීම පිළිබඳව ‘ලංකා ඊ ප්‍රෙස්’ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම ඇමැතිවරයා මෙසේ ද කීවේය. ‘‘2018/19 මහ කන්නයේ වී අස්වැන්න මෙටි‍්‍රක් ටොන් තිස් ලක්ෂය ඉක්මවා ගොස් ඇති තිබෙනවා. මේ වී තොගයෙන් සහල් මෙටි‍්‍රක් ටොන් 19 ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි නිසා මාස 10කට ප‍්‍රමාණවත් තරම් සහල් තොග රට තුළ තිබෙනවා. මේ සමගම තවත් කරුණක් සිදු වෙමින් තිබෙනවා. මෙවර වී අස්වැන්න විශාල වශයෙන් ඉහළ යාම නිසා සහල් මිල තව දුරටත් පහළ යන්න පුළුවන්. ඒ බව මේ වන විටත් පැහැදිලිව දැකගත හැකියි. පසුගිය වර්ෂයට සාපේක්ෂව සම්බා සහල් කිලෝවක මිල මේ වන විටත් සියයට 10-20 අතර පහළ බැස තිබෙනවා’’

මෙහිදී කෘෂිකර්ම ඇමැතිවරයා ප‍්‍රකාශ කළේ, වී අස්වැන්න ඉහළ ගිය ද රජයේ සහිතික මිලට වී මිලදී ගැනීම් අඛණ්ඩව ක‍්‍රියාත්මක වන බවයි. ඒ සමග ඇතැම් පුද්ගලික වෙළෙඳුන් සහතික මිලටත් වඩා වැඩියෙන් වී මිලදී ගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor