මංගලට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේනවා – බන්දුල ගුණවර්ධන

පාර්ලිමේන්තුවේදී සම්මත වූ 2019 අයවැය ලේඛනයට ව්‍යාජ දත්ත ඇතුළත් කර පාර්ලිමේන්තුව නොමග යැවූ බැවින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට විරුද්ධව ඉදිරියේදී විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි., එහි නියෝජිතයන් මේ ගැන සදහන් කළේ කොළඹදි ඊයේ පැවති ප්‍රවෘත්ති සාකචිඡාවකට එක් වෙමිනි.

මේ පිළිබද  බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් දැක්වී ය.

“අයවැය ලේඛනය දෙවනිවර කියවීමෙන් පසු දින 4ක් ගතවෙන්නට පෙර මුදලු පිළබද ආංශික කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කල යුතු යි.අයවැය තුන්වෙනිවර කියවන්න දවස් දෙකකට කලින් මේ වාර්තා ඉදිරිපත් කළා.මේ වාර්තාවේ මුදල් අමාතයංශය විසින් විවිධ වැදගත් ආර්ථික දත්තයන් සගවා ඇති බවත් නිරවද්‍යතාවයකින් තොර තොරතුරු සපයා ඇති බවත් සදහන් කරලා ලංකාවෙ ඉතිහාසෙ පළවෙන් වතාවට මුදල් කාරක සභාව නිර්දේශයක් කරලා තියනවා අයවැය ලේඛනය පිළිබදව අපක්ෂපාතී ආර්ථික විග්‍රහයක් හ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා ගන්න කියලා. එතකොට මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔක්කොම විවාද කරලා තියෙන්නේ බොරු එකක්. මුදල් ඇමතිවරයෙක් පාර්ලිමේන්තුව නොමග යවලා තියනවා නම් ඔහුව විශ්වාස කළ නොහැකියි. මංගල සමරවීර අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් භාරදේන අපි බලාපොරොත්තු වෙනවා”

Recommended For You

About the Author: Editor