ලොව කාර්මික සාමය ඇති කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය ගත් පියවර ප්‍රශංසනීයි – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ගතවූ සියවසක කාලයේදී ලොව කාර්මික සාමය ඇති කිරීම සදහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය ගත් පියවර  ප්‍රශංසනීය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාචිපතිවරයා මෙම අදහස් පල කළේ කොළඹ නෙළුම් පොකුණ රගහලේ (12) පැවති උත්සවයකට එක් වෙමිනි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස් සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු උත්සවය පැවැත්වුණේ ජනාධිපති ප්‍රධානත්වයෙනි. ලොව මහද්වීප 4 ක රටවල් 24 ක ජාතික වැඩසටහන් 24 ක් එක් කර සජීවී 24 පැය ගෝලීය විකාශන වැඩසටහනක් ලෙස මෙම සියවස් සැමරුම පැවත් අතර  පෙ.ව 10.30 සිට 11.30 දක්වා ශ්‍රී ලංකාව එම වැඩසටහන සමග එත් වුණි. ජනාධිපතිවරයාගේ සුභ පැතුම් පණිවිඩයද එහිදී විකාශය කෙරුණි.

මෙහිදී ජනපතිවරයා මෙසේ ප‍්‍රකාශ කළේය.

‘ජාත්‍යන්තර කම්කරු සංවිධානය ගෙවී ගිය සියවසක කාල සීමාවේදී ලෝකවාසී වැඩ කරන ජනතාවට පුළුල් වූ කාර්යයන් රාශියක් ඉෂ්ට කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමය පිළිබද ප්‍රශ්ණයේදී අන්තර්ජාතික ප්‍රඥප්ති තුළ අපි කටයුතු කර ඒ සදහා විශිෂ්ට ජයග්‍රහණ ලබා ගෙන තිබෙනවා. ඒ වගේම කාර්මික සාමය වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් මේ සියලු ප්‍රශ්නවලදී සමස්ථ මානව වර්ගයා වෙනුවෙන් නියෝජිතයින් පෙනී සිටිමින් වසර සියයක් කරන ලද මෙහෙය අප ඉතාමත් අගය කරන්නට ඕනි. මේ විශිෂ්ට කීර්තිමත් ජයග්‍රාහී ගමන් මගේ ඉදිරි සියවස අභියෝගාත්මකයි කියා මා විශ්වාස කරනවා ගෙවී ගිය සියවසට වඩා”

ශ්‍රී ලංකාවේ කම්කරු ප්‍රජාව පිළිබද සිදුකල පර්යේෂණාත්මක ප්‍රකාශනය හා ජාත්‍යන්තර  කම්කරු සංවිධානයේ සියවස් සැමරුම වෙනුවෙන් නිතුත් කල සමරු මුද්දරය හා මුල්දින කවරය ජනාධිපතිතුමා වෙත පිළිගැන්විම මෙහිදී සිදු කෙරුණි.

Recommended For You

About the Author: Editor