
ලෝකයේ බොහෝ ආගමික නායකයින් තම ජන වර්ගය වෙනුවෙන් යුධ වඳින මෙන් පාලකයින්ට අනුබල දෙමින්, බල කරමින් සිටින මේ යුගයේ ලෝකයේ බලවත්ම ආගමික නායකයා ලෙස සැලකෙන ශුද්ධෝත්තම පාප් වහන්සේ දකුණු සුඩාන නායකයින්ගේ පා වඳිමින් ‘‘යළි සිවිල් යුද්ධයකට යන්න එපා’’ යැයි කළ ආයචනය සමස්ත ලෝකයේම නෙත් කඳුලින් තෙත් කිරීමට සමත් විය.
වතිකානුවට පැමිණි දකුණු සුඩාන ජනාධිපති සල්වා කීර්, හිටපු උප ජනාධිපති රෙයික් මචාර් සහ තවත් නායකයින් පිරිසක් පාප් වහන්සේ හමුවීමට පැමිණ තිබිණ. එහිදී උන්වහන්සේ අඛණ්ඩව සාමය පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටිමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් දකුණු සුඩාන ජනාධිපතිවරයාගෙන් සහ කැරළි කණ්ඩායම් නායකයාගේ දෙපා සිඹිමින් ඉල්ලීමක් කර තිබේ.
82 හැවිරිදි පාප් වහන්සේ මුල්වරට මෙවැනි සංවේදී ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන අතර තම දෙපා සිඹ අදාළ ඉල්ලීම කරන අවස්ථාවට ඔවුන් සංවේදී සිතින් මුහුණ දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද මේ වන විට ලෝකයේම අවධානයට ලක්ව ඇත. ඒ අනුව පාප් වහන්සේ දැක්වූ ඉල්ලීමට ගෞරව කරමින් කඩිනමින් එක්සත් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට අත්සන් තබා තිබේ.