අවුරුද්දෙන් පසු දේශපාලන කරළිය: ජනපති තිරුපති යයි, එජාප ගිනි කන්දක් පුපුරයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායමක් අද (16) පෙරවරුවේදී ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 177 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත දෙදින පුද්ගලික සංචාරක් සඳහා පැමිණි බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

තිරුපති කෝවිලේ භාරකාර මණ්ඩලයේ ප‍්‍රධානියා විසින් ජනපතිවරයාව පිළිගත් බව මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉදිරි ජනාධිපතිපතිවරණය සඳහා මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය කාලය තිස්සේ දැඩි සේ සූදානමින් සිටි අතර මෙම සංචාරය එහි එක් පියවරක් විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ කියති.

අගමැති කාර් රේස් බලයි

සිංහල අලූත් අවුරුදු සමය නුවරඑළියේ ගත කළ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය අද (16) නුවරඑළිය වසන්ත සැණකෙළිය වෙනුවෙන් සංවිධානය කර තිබූ මෝටර් රථ ධාවන තරගයක් නැරඹීමට පැමිණියේය.

මෙම තරගයේ ජයග‍්‍රාහකයින් වෙත ත්‍යාග ප‍්‍රදානය අගමැතිවරයා අතින් සිදුවිය.

මහින්ද බලන්න ජන ගඟක්

සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍ර ඉටු කිරීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසට ගිය අතර අදත් මහින්ද රාජපක්ෂ මහතා කාල්ටන් නිවසේ ගත කළේය.

රාජපක්ෂ මහතාට සුභ පැතීම සඳහා පාක්ෂියන් සහ දේශපාලනඥයින් විශාල පිරිසක් කාල්ටන් නිවසට පැමිණි අතර බන්දුල ගුණවර්ධන මහතා ද ඒ අතර විය.

බන්දුලට ඕනෑ කුමක් හෝ මැතිවරණයක්ලූ

බන්දුල ගුණවර්ධන මහතා කාල්ටන් නිවසට පැමිණි වහාම ඒ අසල සිටි ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් ගුණවර්ධන මහතාව වටකර ගත්හ. ඒ අවස්ථාවේ මාධ්‍ය අමතා කතා කළ බන්දුල ගුණවර්ධන මහතා,

‘‘මේ අවුරුද්දේ අපේ එකම අපේක්ෂාව වන්නේ මේ ඉතාම ඉක්මනින් ආණ්ඩුව පන්නා දැමීමට කුමන හෝ මැතිවරණයක් දිනා ගැනීමයි. එවැනි මැතිවරණයක් ආවොත් මේ ආණ්ඩුව සුනාමිය අහුවුණ පොල් කෝම්බයක් වාගේ ගසාගෙන යන බව විශ්වාසයි’’ යැයි පැවසුවේය.

එජාප ගිනි කන්දක් පුපුරයි ?

මේ අතර එජාපයේ ප‍්‍රබලයින් දෙදෙනකු වන ඇමැති සජින් පේ‍්‍රමදාස මහතා සහ ඇමැති රවී කරුණානායක මහතා අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවැති අළුයට ගිනි අලූත් අවුරුදු සමය තුළ ගිනි කන්දක් සේ පුපුරා යන ආකාරයක් දැකිය හැකිය. වසළ සූත‍්‍රය ද උදාහරණයට ගනිමින් සිදුවන මෙම ගැටුම එජාප දේශපාලනයේ තීරණාත්මක භූමිකාවක් නිරූපණය කරනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහසයි.

Recommended For You

About the Author: Editor