අවුරුදු සමයේ මාර්ග නීති කැඩූ 34,980ක් මාට්ටු

බීමත්වත් රිය පදවන රියැදුරන් සහ මාර්ග නීති කඩකරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 10 වැනිදා සිට ක‍්‍රියාත්මක වන වැඩපිළිවෙළ සාර්ථක බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියයි. ඒ අනුව පසුගිය දින කිහිපය තුළ මාර්ග නීති කඩකළ රියැදුරන් 34,980 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
අවුරුදු සමයේ

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු සඳහන් කරන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පසුගිය 11 වැනි දින සිට 16 වැනි දින (මධ්‍යාහන) දක්වා බීමත් රියැදුරන් 1270 දෙනකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ බව සඳහන් කරයි.

මේ අතර ඊයේ (15) රාත‍්‍රී 6.00ට අද පෙරවරු 6.00 දක්වා කාලය තුළ බීමතින් රිය පැඳවු රියැදුරන් 329 දෙනකු අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor