ලෝක කුසලානයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ

මැයි මස 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය කණ්ඩායම නම්කර තිබෙනවා.

ඒ අනුව ක‍්‍රීඩකයින් 15 දෙනකුගෙන් යුත් ඉන්දීය කණ්ඩායමේ නායකත්වය නිත්‍ය නායක විරාත් කෝලිට ම හිමිව තිබෙන අතර උප නායකත්වය රෝහිත් ෂර්මාට හිමිව තිබෙනවා.

රවීන්ද්‍ර ජනේජා සහ දිනේෂ් තර්ෆික්ට කණ්ඩායමේ නියෝජනයක් හිමිවීම සහ අම්බති රයිඩර්ට තැනක් හිමි නොවීම මේ වන විට ඉන්දීය මාධ්‍ය අතර දැඩි කතා බහට හේතු වී තිබෙනවා.

මෙවර ලෝක කුසලානයේ වැඩිම අවධානයක් යොමු වූ කණ්ඩායම් අතර ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන්ම සිටින බව ක‍්‍රිකට් විශ්ලේෂකයින් කියනවා.

Recommended For You

About the Author: Editor