හෝටල් සහ ආපනශාලා 10,872ක් පරීක්ෂාවට : වැටලීම් දිගටම

සිංහල සහ හින්දු අලූත් අවුරුදු සමයේ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මාර්තු 15 සිට අපේ‍්‍රල් 10 දක්වා දිවයින පුුරා ක‍්‍රියාත්මක වූ ආහාර පරිහරණ ආයතන, හෝටල් සහ ආපනශාලා පරීක්ෂා කිරීමේ වැඩසටහන යටතේ අ හෝටල් සහ ආපනශාලා 10,872ක් පරීක්ෂා කර එයින් මුද්‍රා තැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ක‍්‍රියාත්මක වූ මෙම වැඩසටහන තව දුරටත් ක‍්‍රියාත්මක කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1700 ක් සහ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් 50 කට අධික සංඛ්‍යාවක් මෙම වැඩපිළිවෙලට දායක වී සිටිති. උත්සව සමය වෙනුවෙන් නිෂ්පාදනය කරන ආහාර වර්ග සැකසීම සදහා යොදාගනු ලබන අමුද්‍රව්‍ය, කෙසෙල් වැනි පළතුරු වර්ග, හෝටල්, ආපන ශාලා, පරීක්ෂා කිරීමට මෙහිදී කටයුතු කරන ලදි. මාර්තු මස 15 දින සිට අප්‍රේල් මස 10 දින දක්වා ආහාර වැටලීම් 1412 ක් සිදු කර ඇත. එහිදී හොටල් සහ ආපන ශාලා 10,872 ක් පරික්ෂා කර ඇති අතර, හෝටල් සහ ආපන ශාලා 21 කට මුද්‍රා තබා ඇත. ඒ මහජන සෞඛ්‍යයට අහිතකර තත්ත්ව යටතේ ආහාර සැකසීම හේතුවෙනි. එසේම වෙළෙද ව්‍යාපාරිකයින් 2821 කට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවැරීමට කටයුතු කර ඇත. තවත් වෙළෙද ව්‍යාපාරිකයින් 616 කට එරෙහිව රතු නිවේදන නිකුත් කර ඇත.

Recommended For You

About the Author: Editor