
ශ්රී ලංකාවේ තේ ලෝකය පුරා ප්රවර්ධනය කිරීමේ ප්රචාරක වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ශ්රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ලූසිල් විජේවර්ධන මහතා පවසයි.
ලෝකයේ ජනප්රිය පුද්ගලයින් මාර්ගයෙන් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගෙන නව ක්රමවේදයකට අනුව දියත් කරන මෙම ප්රචාරක වැඩපිළිවෙළ, චීනය, ජපානය, රුසියාව, අමෙරිකාව, ජර්මනිය, යුක්කේ්රනය සහ ඕස්ටේ්රලියාව ඇතුළුව රටවල් 09ක දියත් කිරීමට නියමිත බව විජේවර්ධන මහතා ප්රකාශ කළේය.
මැයි මස අග භාගයේදී චීනයේ බෙයිජිං නුවරින් මෙම ප්රචාරක වැඩපිළිවෙළ ආරම්භ කරන බව ද තේ මණ්ඩල සභාපතිවරයා කීය.