කොළඹ නගර සභාවේ කොමසාරිස්ට වැඩවරදින ලකුණු

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් කොළඹ නගර සභාවේ කොමසාරිස් වන වී. කේ. අනුර මහතා විසින් සිදුකරන ලදැයි කියන  අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාවන් සලකා බලා ඔහුව ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා පවසා සිටියේ ජනාධිපති කොමිසම සහ ජාතික විගණන කාර්යයාලය මෙන්ම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය විසින් පත් කරන ලද විශේෂ විමර්ශන කමිටුව මඟින් ඉදිරිපත් කරන ලද වාර්තා දෙකෙන්ම අනාවරණය වී ඇත්තේ නාගරික කොමසාරිස්වරයා විසින් මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් කටයුතු සිදුකිරීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බවයි.

මේ සම්බන්ධ සියළුම සොයා ගැනීම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති අතර ඒ අනූව නාගරික කොමසාරිස්වරයා සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි.

මෙහිදී නාගරික මන්ත්‍රීවරුන්ගෙන් සුළු පිරිසක් මේ සම්බන්ධයෙන් දක්වන විරෝධතාවය සම්බන්ධයෙන් පවසා සිටියේ දූෂණය සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන අතර මේ සඳහා පැවැත්වෙන නීතිමය විමර්ශනවලදී වැරදිකරුවන් වී සිටින් පුද්ගලයින්ට දඩුවම් සඳහා  මුහුණ දීමට සිදුවන බවයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා මේ අදහස් පළකලේ නාගරික මන්ත්‍රීවරයෙකුව සිටියදී වෙන් කරන ලද අරමුදල් මගින් කොළඹ නගරයේ අත්‍යාවශ්‍ය පුද්ගලයින් සඳහා මහන මැෂින් බෙදා දීමෙන් අනතුරවය.

Recommended For You

About the Author: Admin