ජනාධිපති නීතිඥයින් පත් කිරීමේ සම්ප‍්‍රදාය බිඳලා – එජාප නීතිඥවරු

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති නීතිඥයින් පත් කිරීමේ සම්ප‍්‍රදාය බිඳ දමමින් ක‍්‍රියා කරන බවට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නීතිඥවරු තමන් වෙත කරුණු දක්වා ඇතැයි ද ඒ සම්බන්ධයෙන් ඔවුන් තම බලවත් කණස්සල්ල පළකර ඇතැයි ද ජාතික නීතිඥ සංගමය පවසනවා.


මේ සම්බන්ධයෙන් ‘ලංකා ඊ ප්‍රෙස්’ සමග අදහස් දැක් වූ ජාතික නීතිඥ සංගමයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමන් වෙත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපති නීතිඥවරු පත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් තම විවේචනයක් නැතත් ඒ සමග අනුගමනය කළ යුතු සම්ප‍්‍රදායන් ද පවතින බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික නීතිඥ සංගමයේ ප‍්‍රකාශකයා මෙසේ ද සඳහන් කළා.

‘‘සාමාන්‍යයෙන් වර්ෂයකට වරක් පමණයි ජනාධිපතිවරයා විසින් මේ පත් කිරීම් කරන්නේ. එත් වත්මන් ජනාධිපතිවරයා මේ වසර මුලදී ජනාධිපති නීතිඥයින් 25 දෙනෙක් පත් කළා. යළිත් වරක් පසුගිය සතියේ 21 දෙනෙක් පත් කළා. මෙය සම්ප‍්‍රදාය බිඳ දැමීමක් වශයෙන් පැහැදිලිව සැලකිය හැකියි. මේ තත්ත්වය මත සමස්ත නීතිඥ ක්ෂේත‍්‍රයම දැඩි කැළඹීමකට පත්ව සිටින බවයි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නීතිඥයින් පෙන්වා දෙන්නේ’’

Recommended For You

About the Author: Editor