මගේම දුව සමග රඟපෑමට ලැබීම ආශිර්වාදයක් – අනිල් කපූර්

අනිල් කපූර් කියන්නේ බොලිවුඞ් සිනමාවේ තවත් පුරාවෘත්තයක්. අනිල් පුරා දශක හතරක් බොලිවුඩයේ විශාල පෙරළියක් කළා. පේ‍්‍රක්ෂක හදවත් තම රංගනයෙන් මුසපත් කළා. අනිල්ගේ රංගනය ඇතුළත් නවතම චිත‍්‍රපට වන්නේ ආන්දෝලනාත්මක කතා පුවතක් මත පදනම් වුණ ‘‘ එකෝ ලඞ්කි කෝ දේකා තෝ ඒසා ලගා’’ චිත‍්‍රපටයයි. එය සමලිංගික සේවනයේ යෙදෙන කාන්තාවක් හා බැඳී තිබෙනවා. මේ චිත‍්‍රපටය ගැන ප‍්‍රකට ‘‘ෆිල්ම්ෆෙයාර්’’ සඟරාව පසුගිය දා අනිල් සමග සම්මුඛ සාකච්ඡුාවක් කළා. මේ එහි සංෂිප්තයක්.

මේ චිත‍්‍රපටය ඔබට සුවිශේෂ එකක් වීමට හේතු තිබෙනවාද ?

ඇත්තෙම්. මේ චිත‍්‍රපටය මට සුවිශේෂ එක්ක. මෙහි මම ප‍්‍රථම වතාවට මගේ දුව, සෝනම් සමග සමග රංගනයේ යෙදනවා. ඒ වගේම තමයි 1994දී තිරගත වුණු 1942: A Love Story චිත‍්‍රපටයෙන් චිත‍්‍රපට නිෂ්පාදක විදූ විනෝද් චොප්රා සමග කටයුතු කරන පළමු නිර්මාණයත් මෙයයි. ඒ වගේම තවත් සුවිශේෂ දෙයක් තිබෙනවා. ඒක තමයි මෙම චිත‍්‍රපයේ ජනප‍්‍රියම ගීතය වන ‘‘එකෝ ලඞ්කි කෝ දේකා තෝ ඒසා ලගා’’ ගීතය මෙම චිත‍්‍රපටයේ නම වීමත් මම සලකන්නේ සුවිශේෂ දෙයක් ලෙසයි.

මේ චිත‍්‍රපයේ තේමාව ගැන යමක් කිව හැකිද ?

මේක සතුට, සිනාව උපදවන චිත‍්‍රපටයක්. ඒ වගේම හිතන්නටත් යමක් ඉතිරි කරනවා. ඒකයි වැදගත්ම දේ ලෙස මම සලකන්නේ.

ඔබ මේ චිත‍්‍රපටයේ රඟපාන්නේ බල්බීර් කියන චරිතය එයට ප‍්‍රවේශ වුණේ කොහොම ද ?

ඒක මගේ ජීවිතයට සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක්. ලිබරල් චරිතයක්. ලෞකික චරිතයක්. මට කොහොමටත් විවිධ ආගම්වලට අයත් යාළුවෝ ඉන්නවා. ඒ වගේම තමයි සමලිංගික යාළුවෝ ඉන්නවා. ඒත් බල්බීර් කියන්නේ නූතන චරිතයක්. ඔහු තමන්ගේ හදවතට සවන් දෙනවා. මට අනුව නම් ඔහු ලෝකය විසින් හඳුනා ගත යුතු හෝ සිටින කාගේ හෝ කවුරුන් හෝ කෙනෙක්.

ඔබේ දියණිය සෝනම් කපූර් සමග රංගනයේ යෙදීමට ලැබුණු අවස්ථාව ගැන හැඟීම කුමක්ද ?

මේක මම බොහෝ කාලයක් බලාසිටි අවස්ථාවක්. එකම ක්ෂේත‍්‍රය තුළ තමන්ගේම දියණිය සමග එකට කටයුතු කිරීමට අවස්ථාව ලැබෙනවා කියන්නේ ආශිර්වාදයක්. මීට කලින් තාත්තලා – පුතාලා නම් ඕන තරම් රඟපාලා තියෙනවා. ඒත් තාත්තයි – දුවයි රඟපානවා කියන්නේ ඉන්දියාවේ පවා අතිෂයින් දුර්ලභ අවස්ථාවක්. සෝනම් සහ මම බොහෝ වේලාවක් පසුතලයේ ගත කළා. චන්දිගර්වල රූගත කිරීම් කරන අතරතුර අපි ඊට සමගාමීව ඇගේ විවාහය පවා සැලසුම් කළේ පසුතලයේ සිටිමින්. ඒ බව කිසිවෙක් දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා අපට ඒ ගත කළ කාලය බොහෝ සේ වැදගත් වුණා.

ඔබ දුවගෙනුත් ඉගෙන ගත්තාද ?

ඇත්තෙන්ම ඇය බොහෝ ත්‍යාගශීලීයි. උදාර ගති පැවතුම් තිබෙනවා. හැමෝම ඇයට කැමතියි. ඇය සමග වැඩ කළ සියලූ දෙනාම ඇය ගැන කියන්නේ වටිනා දේවල්. මම ඇය ගැන බොහෝ ම ආඩම්බර වෙනවා.

මේ ගෞරවයට හිමිකම් කියන්නේ ඔබද ? නැතිනම් ඇගේ මවද ?

ඇගේ මවට, සුනීතා කපූර්ට තමයි ඒ ගෞරවය හිමිවිය යුතුවන්නේ.

ඔබ නව පරපුර ගැන හිතන්නේ මොනවාද ?

මම කොහොමත්ම කැමැති නැහැ පරණ සහ නව කියන කතාවට. අපිට කාලය සමග හැඩ ගැසෙන්න ශක්තිය තිබිය යුතුයි.

ඔබට තියෙන්නේ හීන නොවන උන්නදුවක් කියලා කිවුවොත් මොකද කියන්නේ ?

මම හිතන්නේ ඒකට කියන්නේ ශක්තිය නොවෙයි, තමන් කරන දේ කෙරෙහි පවතින ආදරය කියලා. මම ඒ ගැන ධනාත්මකවයි හිතන්නේ. ඒ විශ්වාසය පවත්වාගෙන යාම පවුලක සතුටට පවා හේතුවක් වෙනවා.

සටහන – චතුරී සමරවීර

Recommended For You

About the Author: Editor