ලෝක කුසලානට යන ශ‍්‍රී ලංකා සංචිතය අද සවස නම් කරන ලකුණු

ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා සංචිතය අද (18) සවස නම් කරනු ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ශ‍්‍රී ලංකා සංචිතයට නම් කර ඇති ක‍්‍රීඩකයින්ගේ නම් ලැයිස්තුව ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රන්නදු මහතා වෙත අද මධ්‍යාහනය තෙක් ඉදිරිපත් කර නැත.

මේ අතර ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ මතවාද පැතිරෙමින් තිබෙනවා. මේ පත් කිරීම සම්බන්ධයෙන් හිටපු නායක ලසිත් මාලිංග කළකිරීමට පත්ව ඇතැයි ද, ඔහු ක‍්‍රිකට් පිටියෙන් සමුගනු ඇතැයි ද අදහස් ඒ අතර තිබෙනවා.

එහෙත් මේ වන විට ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරතව සිටින මාලිංග, තමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පළවන අදහස් හා විවේචන ගැන තමාට කිසිදු තැකීමක් නොමැති බව ද පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ලසිත් මාලිංගට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලෝක ක‍්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මාලිංග දෙවරක් සිතා බලනු ඇති බවයි. මේ වන විට 36 වන වියේ පසුවන මාලිංගට ලෝක කුසලානය වෙනුවෙන් තරග 09ට කෙටි කාලයක් තුළ ක‍්‍රීඩා කිරීමට සිදුවීම අභියෝගයක් වනු ඇති බව ද ඔවුන් සඳහන් කරනවා.

Recommended For You

About the Author: Editor