සමාජ මාධ්‍ය බොරු කියනවා – ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු

ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත් කිරීම සඳහා තමා කිසිදු ආකාරයකින් මැදිහත් නොවනු බව ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු අවධාරණය කරනවා.

ක‍්‍රීඩා ඇමැතිවරයා මේ බව අවධාරණය කර තිබෙන්නේ තම ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින්.

ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යලයේ St. Joseph’s College, Colombo ආදි ශිෂ්‍යයින් වීම නිසා ඇමැතිවරයා දිමුත් කරුණාරත්නට විශේෂත්වයක් දක්වන ලද බවට සමාජ මාධ්‍යවල දැඩි විවේචනයක් එල්ල වුණා.

එහෙත් සමාජ මාධ්‍යවල මෙම විවේචනය දැඩිව ප‍්‍රතික්ෂේප කරන ඇමැති හරීන් කියා සිටිනේනේ ලෝක කුසලානයට යන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංචිතය නම් කිරීම සඳහා තමා කිසිදු ආකාරයකින් මැදිහත්වීමක් නොකළ බවත් එය කළේ තේරීම් කමිටුව විසින් බවයි.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor