
අද උදෑසන 10.00 සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආරක්ෂාව තරකර ඇතැයි කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා පවසයි.
මේ වන විට කටුනායක ගුවන්තොටුපොළට පොලීසිය සහ ගුවන් හමුදාව යොදවා දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි සඳහන් කරන කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරියා වැඩි දුරටත් සඳහන් කරන්නේ ගුවන්ගත වීමට පැමිණෙන මගීන්ට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට අදාළ පරිශ්‍රවලට ඇතුළුවීමට ඉඩ නොදෙන බවයි.