ජනතාව ගැවසෙන ස්ථානවලින් ඈත්ව සිටින්න – ආරක්ෂක අංශ

රට තුළ උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි යුධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ්‍රේගේඩියර් සුමිත් අතපත්තු අවධාරණය කරයි.

මේ තත්ත්වය හමුවේ සාමකාමීව සිටින ලෙසත්, සාවද්‍ය හා නොමග යවන සුළු ප‍්‍රචාරවලට නොරැුවටී අදාළ පරීක්ෂණවලට සහාය දෙන ලෙසත් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් ඉල්ලා සිටී.

මේ අතර විදේශ සංචාරකයින් 40කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව ලංකා සංචාරක මණ්ඩල වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

මේ අතර අද සවස 2.10 ට පමණ දෙහිවල එස්.එස්. ජයසිංහ ක‍්‍රීඩාංගනය ඉදිරිපිට ටෙ‍්‍රපිකල් ඉන් හෝටලයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. සිද්ධියෙන් තුවාල ලැබුවන් කළුබෝවිල රෝහල කරා රැුගෙන යමින් තිබේ.

මේ අතර පොලිසීය වාර්තා කරන්නේ හැකි තරම් ජනතාව ගැවසෙන ස්ථානවලින් ඈත්ව තම ආරක්ෂාව තහවුරු කර ගන්නා ලෙසයි.

Recommended For You

About the Author: Editor