වහාම පැමිණ ලේ දන් දෙන්න: පොලිස් නිවාඩු අවලංගුයි : පාසල් ආරම්භ වන්නේ 24 දා : පැය 04කට පෙර ගුවන් තොටට යන්න

රජය සහ ආරක්ෂක අංශ යළි යළිත් ජනතාවට ආයාචනා කරමින් පවසන්නේ සමාජමාධ්‍ය හරහා වේගයෙන් ව්‍යාප්ත වන සාවද්‍ය සහ දුෂ් තොරතුරුවලට නොරැවටී සාමකාමීව මේ ජාතික ව්‍යසනයට වඩාත් බුද්ධිමත්ව මුහුණ දෙන ලෙසත් ඒවා හුවමාරු කර ගැනීමෙන් වළකින් ලෙසයි.

රට පුරා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු වහාම ක‍්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇතැයි පොලිස්පති කාර්යාලය පවසන අතර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2වන පාසල් වාරය ආරම්භ කිරීම අපේ‍්‍රල් මස 24 දක්වා කල් දමා ඇති බවයි.

මේ අතර ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා ජනමාධ්‍ය අමතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ අද සවස කැබිනට් මණ්ඩලයේ සහ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට කඩිනම් පියවර ගෙන ඇති බවයි.

පිපිරීම්වලින් මියගිය පුද්ගලයින් ගේ සංඛ්‍යාව ද ක‍්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. ඒ අනුව කටාන කටුවාපිටිය දේවස්ථානයේ සිදු වූ ප‍්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 96 දෙනකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ප‍්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් 68 දෙනකුගේ සිරුරු කටුවාපිටිය දේවස්ථානයේ සහ සිරුරු 28ක් මීගමුව රෝහලේ තැන්පත් කර තිබෙන බව නිල වශයෙන් වාර්තා වනවා.

මේ අතර කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයේ සිදු වූ පිපිරීම් ද්විත්වයෙන් මිය ගිය හෝ තුවාල ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් නිල වශයෙන් තහවුරු කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

මේ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රී ලංකාවෙන් ගුවන්ගත වීමට අපේක්ෂා කරන ගුවන් මගීන් අවම වශයෙන් පැය 04කට පමණ පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස මගීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර කොළඹ ජාතික රෝහල නිල වශයෙන් ප‍්‍රකාශ කරන්නේ කොච්චිකඬේ පිපිරීමෙන් මිය ගිය පුද්ගලයින් 40 දෙනකුගේ සිරුරු කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බවයි.

ඒ සමග කටාන කටුවාපිටිය දේවස්ථානයේ මියගිය පුද්ගලයින් 68 දෙනකුගේ සහ මීගමුව රෝහලේ පුද්ගලයි් 25 දෙනකුගේ ද මඩකළපුව මහ රෝහලේ පුද්ගලයින් 27 දෙනකුගේ ද මළ සිරුරු තැන්පත් කර ඇති අතර කොච්චිකඬේ පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 295 දෙනකුගේ සහ මඩකළපුව ෂෙවොන් දේවස්ථානයේ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් 73 දෙනකු ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.

ජාතික ලේ දන්දීමේ සේවය ජනතාව වෙත නිවේදනයක් නිකුත් කරමින් හැකිතාක් ලේ දන්දීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා.

මේ අතර රජය සහ ආරක්ෂක අංශ යළි යළිත් ජනතාවට ආයාචනා කරමින් පවසන්නේ සමාජමාධ්‍ය හරහා වේගයෙන් ව්‍යාප්ත වන සාවද්‍ය සහ දුෂ් තොරතුරුවලට නොරැවටී සාමකාමීව මේ ජාතික ව්‍යසනයට වඩාත් බුද්ධිමත්ව මුහුණ දෙන ලෙසත් ඒවා හුවමාරු කර ගැනීමෙන් වළකින් ලෙසයි.

Recommended For You

About the Author: Editor