සාවද්‍ය ප‍්‍රචාර වේගයෙන් ව්‍යාප්ත වෙයි : එම ප‍්‍රචාරවලින් ප‍්‍රවේශම් වන්න- රජය ඉල්ලයි

මේ අවස්ථාවේ කටකතා සහ අසත්‍ය ප‍්‍රචාරවලට නොරැවටී සංසුන්ව සිටින ලෙස ආයචනා කරන ජනපතිවරයා මේ ප‍්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සඳහා සහාය දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී

මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදු වූ පිපිරීමෙන් පුද්ගලයින් 50 දෙනකු, කොළඹ කොච්චිකඬේ දේවස්ථානයේ සිදු වූ පිපිරීමෙන් පුද්ගලයින් 30දෙනකු සහ මඩකළපුව ෂෙවොන් දේවස්ථානයේ සිදු වූ පිපිරීමෙන් පුද්ගලයින් 27 දෙනකු ඇතුළු පුද්ගලයින් 99 දෙනකු මේ වන විට (පෙ.ව 11.00) මියගොස් ඇතැයි අදාළ රෝහල් නිල වශයෙන් තහවුරු කරනවා.

මෙම පිපිරීම් තුන ඇතුළු හෝටල් තුනේ පිපිරීම්වලින් ද තුවාල ලැබූ රෝගීන් මේ වන විටත් රෝහල් කරා රැගෙන එමින් තිබෙන අතර මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බව රෝහල් ආරංචි මාර්ග වැඩි දුරටක් පවසනවා.

මෙම ප‍්‍රහාර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය, වට්ස්අප් ඇතුළු සන්නිවේදන මාධ්‍ය තුළින් අතිෂයින් සාවද්‍ය හා නොමග යවන සුළු ප‍්‍රචාර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව පොලිසිය පවසනවා.

ජනතාව නොමග යවන සහ ඔවුන්ගේ සිත් රිදවීම් සිදුවන, ප‍්‍රචණ්ඩත්වයට අනුබල දෙන පුවත් සහ ඡයාරූප පළ කිරීමෙන් සහ ඒවා හුවමාරු කර ගැනීමෙන් වළකින මෙන් පොලීසිය වැඩි දුරටත් සඳහන් කරනවා.

මේ අතර රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිල නිවේදනයක් නිකුත් කරමින් ද අවධාරණය කරන්නේ විවිධ අරමුණු වෙනුවෙන් ගෙන යන සාවද්‍ය ප‍්‍රචාරවලින් වැළකී වඩාත් සංයමයෙන් සහ සාමකාමීව මෙම ජාතික ව්‍යසනයට මුහුණ දෙන ලෙසයි.

මේ අතර ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනේනේ මෙම ප‍්‍රහාර පිටුපස ඇති සැබෑ අරමුණු සහ පුද්ගලයින් සොයා ගැනීම සඳහා ආරක්ෂක අංශ කඩිනම් පියවර ගනිමින් සිටින බවත් ඒ සඳහා ජනතාවගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත්ය.

මේ අවස්ථාවේ කටකතා සහ අසත්‍ය ප‍්‍රචාරවලට නොරැුවටී සංසුන්ව සිටින ලෙස යළිත් ආයචනා කරන ජනපතිවරයා මේ ප‍්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සඳහා සහාය දක්වන ලෙසයි.

මේ වන විට රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කර ඇති බව ද ජනපතිවරයා අවධාරණය කරනවා.

Recommended For You

About the Author: Editor