සාවද්‍ය සහ වෛරීසහගත තොරතුරු ප‍්‍රචාරය නොකරන ලෙස ඉල්ලීමක්

අද උදෑසන ස්ථාන 06ක සිදු වූ බෝම්බ පිපිරීම්වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 141ක් බව නිල වශයෙන් ප‍්‍රකාශයට පත්වී ඇති අතර 500කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වේ.

හදිසියේ උද්ගත වූ අනපේක්ෂිත තත්ත්වය හේතුවෙන් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර සාකච්ඡ කිරීම සඳහා අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ද අද දහවල් පැවැත් විණි.

වත්මන් තත්ත්වය තුළ දුෂ් තොරතුරු, ඡයාරූප, වෛරී සහගත පුවත් අති විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවක් නිරීක්ෂණය කළ හැකි බව සමාජ මාධ්‍ය විශේෂඥයෝ කියති.

මේ සම්බන්ධයෙන් අතිෂයින් සංවේදී වන ලෙසත්, ඒවා යළි යළි හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසත් ඔවුහු ජනතාවගෙන් සහ සමාජජාලා මාධ්‍යකරුවන්ගෙන් කාරුණික ඉල්ලා සිටිති.

Recommended For You

About the Author: Editor