ත‍්‍රස්තවාදය මර්ධනය කරන නව නීති අද මධ්‍යම රාත‍්‍රි 12.00ට

ත‍්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය වගන්ති පමණක් හදිසි නීති යටතේ අද රාත‍්‍රී 12.00ට ගැසට් කරන බව ජනපති මාධ්‍ය ඒකකය පවසයි.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත‍්‍රිවිද හමුදාවට සහ පොලීසියට බලය ලබාදීම මෙම නව වගන්ති එක් කිරීමේ අරමුණ බව ද ජනපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

අද රාත‍්‍රියේ ගැසට් කරන නව නීති හෙට පාර්ලිමේන්තුව රැස් වූ විට එහි අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.

Recommended For You

About the Author: Editor