Huawei 5G තාක්ෂණය සමඟ

ලොව ප්‍රමුඛත ම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන Huawei සමාගම, පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ තමන් 2019 සිට 2021 දක්වා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිණාමය හරහා එරට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අංශය වැඩිදියුණු කිරීමට කැපවන බවය. එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂුන්ලි වොං මහතා මේ බව කොළඹදී පැවති මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේය.

“අප සාමූහිකව කටයුතු කරන, විශ්වසනීය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරුවෙකු වන අතර ගෝලීය වශයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස අප දැනුම බෙදාහැරිම තුළින් ශ්‍රී ලංකාවට ඩිජිටල් පරිණාමනය සඳහා උපකාරී වනවා” වොං මහතා සඳහන් කළේය.

“අප අඛණ්ඩව මෙම වෙළෙඳපොළ තුළ ආයෝජන සිදු කර තිබෙන අතර ලොව ප්‍රමුඛ පෙළේ සහ නවෝත්පාදන තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා”

“ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් ද Huawei සමාගම සාමූහිකව කටයුතු කරන විශ්වසනීය ගෝලීය විදුලි සංදේශන සමාගමක් බව තහවුරු කර තිබෙනවා” මෑතකදී ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් Huawei සමාගම ශ්‍රී ලංකාවේ විදුලි සංදේශන සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පරිණාමය සඳහා දැක්වූ දායකත්වය අගය කළ බව සඳහන් කරමින් වොං මහතා එසේ ප්‍රකාශ කළේය.

පසුගිය වසර ගණනාව පුරා Huawei සමාගම ශ්‍රී ලංකාව වෙනුවෙන් දැක්වූ කැපවීම පැහැදිලි කරමින් වොං මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජයීය වර්ධනය සහ ඩිජිටල් පරිණාමය සඳහා මෙරටට 5G තාක්ෂණය අවශ්‍ය බවත්, 5G තාක්ෂණය මෙරටට ගෙන්වීම සඳහා Huawei සමාගම කැපවන බවත් සඳහන් කළේය. මින් පෙර 2G යුගයෙන් 3G සහ 4G යුගය දක්වා පරිණාමය වීම සඳහා Huawei සමාගම සුවිශේෂී භූමිකාවක් ඉටු කළේය. 2006 වසරේ 3G තාක්ෂණය හඳුන්වා දීමෙන් පසුව දකුණු ආසියාවේ පළමු වරට වාණිජ වශයෙන් 4G-LTE සේවා දියත් කළ රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ද Huawei සමාගම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය.

Recommended For You

About the Author: Editor