ආගමික සහ දේශපාලන නායකයන්ගේ සර්ව පාක්ෂික සමුළුව අප්‍රේල් 26දා


පවතින තත්වය පිළිබඳව අවධානය යොමුකිරීම සඳහා අප්‍රේල් මස 26 වන සිකුරාදා පස්වරු 03.00 ට සියළු ආගමික සහ දේශපාලන නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් පාර්ලිමේන්තුවේ දී කැඳවීමට ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සංහිඳියාව සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇතැයි කතානායක මාධ්‍ය අංශය කියයි.

ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සංහිඳියාව සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ හදිසි රැස්වීමක් ද ඊයේ 22 පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ අතර මෙම අවස්ථාවට එහි සාමාජිකයන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා,ජෝන් අමරතුංග, රවුෆ් හකීම්, අබ්දුල් හලීම්, මනෝ ගනේෂන්, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරළ, ඩග්ලස් දේවානන්ද, විජිත හේරත් යන මැති ඇමතිවරු එක්ව සිටියහ.

මේ අතර පවතින තත්වය පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා අප්‍රේල් මස 26 වන සිකුරාදා පස්වරු 03.00 ට සියළු ආගමික සහ දේශපාලන නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් පාර්ලිමේන්තුවේ දී කැඳවීමට ද විශේෂ කාරක සභාව විසින් තීරණය කරන ලදි.

Recommended For You

About the Author: Editor