ත‍්‍රස්ත මර්දනයට ගෙන ආ අති විශේෂ ගැසට් පත‍්‍රය මෙන්න

ත‍්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා පොලිසියට සහ යුධ හමුදාවට වැඩි බලතල ලබා දෙන අති විශේෂ ගැසට් පත‍්‍රය ඊයේ (22) මධ්‍යම රාත‍්‍රී 12.00ට ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් නිකුත් කර තිබෙනවා.

අංක 2120/3 යටතේ නිකුත් කළ මෙම අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් ත‍්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා පොලිසියට සහ යුධ හමුදාවට බලතල ලබා දෙන බව සඳහන් ව තිබුණා.

මෙරට හදිසි තත්ත්වයක් ඇතිවීම හේතුකොට ගෙන මහජන ආරක්‍ෂාව රටේ පැවැත්ම සුරක්‍ෂිත කිරීමට හා ජනජීවිතයට අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම යන කරුණු යටතේ මෙම අති විශේෂ ගැසට් පත‍්‍රය නිකුත් කර තිබෙන බව සඳහන්.

Recommended For You

About the Author: Editor