IPL පළමු තැන චෙන්නායි සුපර් කිංග්ස්ට

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකර ගැනීමට (2019.04.22 දා ප.ව 07.00 වන විට) ප‍්‍රසාද ලකුණු 14ක් දිනාගෙන සිටින ‘‘චෙන්නායි සුපර් කිංග්ස්’’ කණ්ඩායම සමත් වෙයි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ වන විට තරග 10කට ක‍්‍රීඩා කරමින් ජයග‍්‍රහණ 07ක් ලබා ගෙන ඇති අතර පරාජයට පත් තරග ගණන 03කි. එයට ඊයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග පැවැති, එක් ලකුණකින් පරාජය වූ තරගය ද අයත් වෙයි.
ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය මුම්බායි ඉන්දියන් කණ්ඩායමට හිමිව ඇති අතර තරග 10කට ක‍්‍රීඩා කරමින් ඉන් තරග 06ක් දිනා ගෙන, තරග 03ක් පරාජයට පත්වී දිනාගෙන සිට ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 12කි.

ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ පසුවන්නේ තරඟ 6/4 වශයෙන් ජයගෙන සිටින දිල්ලි කණ්ඩායමයි. ඔවුන් ප‍්‍රසාද ලකුණු 12ක් දිනා ගෙන ඇත.

මේ වන විට තරග 09කට පමණක් ක‍්‍රීඩා කර ඇති හයිද්‍රාබාද් කණ්ඩායම 5/4ක් වශයෙන් සිටින අතර දිනානෙ ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 10කි. ඔවුන් සිවුවන ස්ථානයේ පසුවේ. පස්වන ස්ථානයේ පසුවන පන්ජාබ් කණ්ඩාම තරග 10කට ක‍්‍රීඩා කරමින් එය 5/5ක් වශයෙන් ජය ගෙන ඇති අතර දිනාගෙන සිටින ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව ද 10කි. කොල්කටා කණ්ඩායම ද තරග 10කට ක‍්‍රීඩා කර එය 4/6ක් වශයෙන් පරාජයට පත්ව සිටින අතර ප‍්‍රසාද ලකුණු 08ක් දිනාගෙන ඇත. තරග 09කට පමණක් ක‍්‍රීඩා කර ඇති රාජස්තාන් සහ බැංග්ලෝර් කණ්ඩාම ප‍්‍රසාද ලකුණු 6 බැගින් දිනාගෙන ඇති අතර ඔවුන් පිළිවෙළිනන් 3/6 සහ 3/7 වශයෙන් වේ.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor