කූඨ ලේඛන නඩුවෙන් තිස්ස අත්තනායක නිදහස්

පසුගිය ජනපතිවරණ සමයේ මහත් ආන්දෝලනයක් ඇති කළ ‘කුඨ ලේඛන සැකසීමේ නඩුවෙන්’’ එක්සත් ජාතික පක්ෂයේ එවකට මහ ලේකම්වරයාව සිටි තිස්ස අත්තනායක මහතා නිදහස් කිරීමට අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද නියම කළේය.

සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට කණගාටුව පළ කරන්නේ නම් නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අදහස් නොකරන බවට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුම් දීමක් සැළකිල්ලට ගත් විනිසුරුවරයා තිස්ස අත්තනායක මහතා චෝදනාවලින් නිදහස් කිරීමට නියම කළේය.

Recommended For You

About the Author: Editor