පාස්කු ඉරිදා ප‍්‍රහාර ගැන අමෙරිකාවට කිසිඳු පූර්ව දැනුවත්භාවයක් තිබුණේ නෑ – ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය

පසුගිය පාස්කු ඉරිදා ශ‍්‍රී ලංකාවේ සිදු වූ මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් කිසිදු පූර්ව දැනුවත්භාවයක් අමෙරිකා එක්සත් ජනපදයට නොතිබූ බව ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය Alaina B. Teplitz පවසනවා.

තනාපතිවරිය මේ බව පවසා ඇත්තේ CNN රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡවකට එක් වෙමිනුයි. පාස්කු ඉරිදා ප‍්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකාව ප‍්‍රමුඛ රටවල් කිහිපයක බුද්ධි අංශ විසින් පූර්ව අනතුරු ඇගයීම් ශ‍්‍රී ලංකා රජයට කර තිබූ බවට වන වාර්තා සම්බන්ධයෙන් මෙම සම්මුඛ සාකච්ඡවේදී සී.එන්.එන් රූපවාහිනී නාලිකාව තානාපතිවරියගෙන් ප‍්‍රශ්න කර තිබෙනවා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය මෙසේ ද ප‍්‍රකාශ කළා.

‘‘ශ‍්‍රී ලංකා රජය සහ ඇමෙරිකා එක්සත් ජනපද රජය අතර බුද්ධිමය තොරතුරු රැස් කිරීම සහ හුවමාරු කර ගැනීම අවලංගු කර තිබෙනවා. ඒ වගේම මේ ගැටුම් අවස්ථාවේදී සමාජ මාධ්‍ය වාරණය කිරීමට ශ‍්‍රී ලංකා රජය ගත් පියවර යහපත් එකක් වශයෙන් සැලකිය හැකි’’ යැයි ද ඇය සඳහන් කර තිබුණා.

මේ අතර ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප‍්‍රකාශිකාවක් සඳහන් කර ඇත්තේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය විසින් සිදුකරන පරීක්ෂණ සඳහා සහාය වීමට එෆ්.බී.අයි නිලධාරීන් පිරිසක් මේ වන විටත් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බවයි. ඔවුන් ජාත්‍යන්තර පොලිසීයේ නිලධාරීන් හා එක්ව ස්ථානීය පරීක්ෂණ, පරිවේක්ෂණ පරීක්ෂණ සඳහා මෙන්ම වින්දිතයින් හඳුනා ගැනීම, වෝහාරික ඩිජිටල් පරීක්ෂණ, ඡුායාරූප හා වීඩියෝ පරීක්ෂණ සඳහා ද එෆ්.බී.අයි නිලධාරීන්ගේ සහාය ශ‍්‍රී ලංකාවට හිමිවන බව ඇමෙරිකානු තානාපති කාර්යාලයීය ප‍්‍රකාශිකාව සඳහන් කර තිබෙනවා.

Recommended For You

About the Author: Editor