කල්මුනේ සායිදුමරදු ප්‍රදේශයේදී පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ අවි ගබඩාව කොටුවෙයි: ත‍්‍රස්තයින් සොයා මෙහෙයුම අඛණ්ඩව

ජාතික තවුහික් ජමාත් අයි.එස් ත‍්‍රස්තවාදී කල්ලියට අයත් දැවැන්ත අවි ගබඩාවක් අද සවස සිට පොලීසිය, යුද හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව කල්මුනේ සායිදුමරුදු ප‍්‍රදේශයේදී සොයා ගෙන තිබෙනවා. එහිදී පාක්කු ඉරිදා ප‍්‍රහාරය සමරමින් සහරාන් හෂීම් ඇතුළු ත‍්‍රස්ත කල්ලිය විසින් නිකුත් කළ වීඩියෝ චිත‍්‍රපයට අදාළ දර්ශන තල, ඇඳුම් පැළදුම් සහ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් ද සොයා ගත් බව යුද්ධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ්‍රේගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කළා.

කල්මුනේ සායිදුමරදු ප්‍රදේශයේදී පොලිසියේ, පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ ආරක්ෂක අංශ සාමාජිකයින් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වල නිරත භට පිරිස් සමග සමග යම්  කණ්ඩායමක් අතර වෙඩි හුවමාරුවක් ද සිදුව තිබෙනවා.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කලේ කල්මුනේ ජුම්මා මුස්ලිම් පල්ලිය ආසන්නයේදී පිපිරීම් ශබ්දයක් ඇසීම නිසා ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත වෙමින් සිටි එම ප්‍රදේශයට වහා පැමිණි බවයි.

එම අවස්ථාවේදී පුද්ගලයින් 3-6ත් අතර පිරිසක ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් යුධ හමුදාව ඇතුළු ආරක්ෂා භට පිරිස් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. මේ වන විටත් ආරක්ෂක අංශ සහ එම කණ්ඩායම අතර වෙඩි හුවමාරුවක් සිදුවෙමින් පවතින බව ඔහු සඳහන් කර සිටියා.

සමන්තුරේ ප්‍රදේශයේ යුධ හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අද සවස සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය, ඩෙටනේටර්, යකඩ බෝල ලක්ෂයක්, සැකකටයුතු වෑන් රථයක්, ඉස්ලාමිය අන්තවාදීන්ට අයත් බව කියන ධජයක්, ඔවුන්ගේ නිළ ඇඳුම්, ඩ්‍රෝන් කැමරා ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගෙන ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කර සිටියා.

මෙම මෙහෙයුම තව දුරටත් ක‍්‍රියාත්මක වන බව වාර්තා වේ.

Recommended For You

About the Author: Editor