රැකියාවට යන ඔබ වෙනුවෙන්මයි…

“යුධ බිමකට නොගොස් යුද්ධ කල නොහැකියි” යැයි කතාවක් තිබෙන්නා සේ රැකියාවක් කරන්නට නම් එය ඇති තැනට යා යුතු ය.

රැකියාව යනු ජීවිතයේ තවත් විශාල කැපකිරීමක් වන්නේ එයින් ලැබෙන දේ මෙන්ම නොලැබී යන දේත් තිබෙන නිසාවෙන්මයි.විශේෂයෙන්ම රැකියාවත් සමග ඇතිවන වෙනස දරා ගැනීම පළමු කැපකිරීමයි.ඉතා වෙහෙස දරාගෙන මව්පියන් ඔබට ඊගැන්වූයේ හොද රැකියාවක් කර ඔබ සැපවත් ජීවිතයක් ගත කිරීමට ය.සියලු දුෂ්කරතාවිදගනිමින් ඔබ විභාග වලට පෙනී සිටියේ ඒවායින් සමත් වූයේ රැකියාවක් කිරීමේ බලාපොරොත්තුවෙනි.අධ්‍යාපනයෙන් අනතුරුව රැකියාවට ගිය දා පටන් ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි.මේ වෙනස දරා ගැනීමටත් පෞද්ගලික ජීවිතයට රැකියා බාධාවක් කර ගැනීමටත් ඔබට බොහෝ කැප කිරීම් කිරීමට සිදු වනු ඇත.වගකීමෙන් කටයුතු කරන්නට සිදු වනු ඇත.රැකියාව විසින් ඔබ විශේෂ පුද්ගලයෙකු කරවයි.

එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර ගුරුවරියක, පොලිස් නිලධාරියෙකු, ව්‍යාපාරිකයෙකු, ගෘහණියක සිටිනවා යැයි සිතන්න. මේ හතර දෙනා සමාජයේ පෞද්ගලික ජීවිතයේදී හැසිරෙනු අත්තේ කෙලෙසද ?

ගුරුවරිය නිතර උපදෙස් දෙන්නට දරුවන් ඉගෙන ගන්නවාදැයි බලන්නට අමතක නොකරනු ඇත. පොලිස් නිලධාරියා ක්ෂණික තීරණ ගැනීමේ මිනිසුන් හදුනා ගැනීමේ හැකියාවෙන් අන් අයට වඩා ඉදිරියෙන් සිටිය හැකි අතර සැර පරුෂ ගති පැවතුම් තිබීමේ හැකියාවද වැඩි ය.

වියදම් කිරීමේදී ඉතා මසුරැ වන ව්‍යාපාරිකයා මුදල්වල ඇති වටිනාකම හොදින් දැනගෙන කටයුතු කරයි.

සෑම කෙනෙකුටම ඇහුම්කන් දෙන සියලු දෙනාගෙම අවශ්‍යතා සොයා බලන ගෘහණියගේ ජීවිතය සම්පූර්ණයෙන්ම සැමියා සහ දරුවන්ට බැදී පවතී.

ඔවුන් අතර පමණක් නොව ඔවුන්ගේ දරුවන් අතරද වෙනස්කම් රැසක් දැක ගත හැකි ය. ඔවුන්ගේ අනාගත සිහින පෞර්ෂය ඉගෙනීමට ඇති හැකියාව ආදිය එකිනෙකට වෙනස් ය.

රස්සාව ගෙදර ගේන්න එපා

ගුරුවරියක් පැය 6කට වඩා ජීවත් වන්නේ විවිධ තරාතිරමේ දරුවන් සමග ය.සිසුවෙකුගේ යම් වරදකට බැන වදින හෝ පහර දෙන ඇය නිවසට එන්නේත් එම කේන්තියෙන්ම නම් නිවසේ සිටින දරුවන්ට ඇය ආදරයෙන් කතා කරයිද?ඉහළින් විභාගය සමත් වන සිසුන් දකින ඔවුන්ට ගුරුහරුකම් දෙන ඇය නිවසට පැමිණ දරුවන්ටත් එසේවන්නට බලකරන්නේ නම් අම්මාගේ චරිතය වෙනුවට ගුරුවරියගේ චරිතය රගපෑමට ගොස් දරුවා සහ මව අතර පවතින සබදතාව ගිලිහී යනු ඇත.යම් විටක ඔබ රස්සාව ගෙදර අරන් එනවා නම් සිදු වන්නේ ඔබේ සමීපතමයන් ඔබෙන් දුරස්වීම පමණයි.

මුල්තැන දිය යුත්තේ කුමටද?

ඔබට සහ දරුවන්ට යම් සමාජ ගරුත්වක් ධනයක් ලැබී ඇත්නම් ඊට වැඩි දායකත්වයක් ලැබී ඇත්තේ රැකියාවයි.මේ නිසා ඔබේ ජීවිතයේ සැළකිය යුතු ඉඩක් ඔබ රැකියාවට ලබා දිය යුතු ය.ඔබේ රැකියාවේ උසස් බව වටින්නේ සමාජයට ය.එහෙත් සැමියාට ඔබ බිරිදයි.දරුවන්ට මවයි.සියළු ගරු නම්බුනාම වලට වඩා මේ පදවි ඔබට ආභරණයකි.අනෙක් සියළු තනතුරු ඔබට අහිමිව ගියත් මියන තුරුම ඔබට මෙම තනතුරු අහඅමිව යන්නේ නැත.

හුදකලාව මකා ගන්න කාර්ය බහුල වෙන්න.

සමීපතමයන් හැරදා වෙනත් රටකට හෝ ප්‍රෙද්ශයකට යන්න සිදුවුණොත් ඔබට අනිවාර්යෙන්ම යන්න වෙනවා.අකමැත්තෙන් වුවත් එය ඔබට කල යුතු වෙනවා.මෙහිදී ඔබට ඇතිවෙන කාන්සිය පාළුව කොතරම්ද යන්න අමුතුවෙන් විස්තර කල යුතු නොවේ.පාළුව කාන්සිය මකාගන්නට හොදම ක්‍රමය කාර්යබහුල වීමයි.උදාහරණයක් ලෙස ඔබ දුෂ්කර පාසලකට පත්වීමක් ලැබුණායි සිතන්න.එවන් විටක් හැම තත්පරයක්ම කාර්යබහුල වෙන්න.භාහිර කටයුතු මෙහෙයවන්න.ඔබට ලැබුණේ කුමන රැකියාවක් වුවත් කුමන ප්‍රෙද්ශයක වුවත් එය ආශිර්වාදයක් කරගන්න එවිට ඔබට හැකි වේවි.

සටහන – මධුභාෂිණී උරේෂා කුමාරී

Recommended For You

About the Author: Editor