වහාම ක‍්‍රියාත්මක වන පරිදි කල්මුනේ, සමන්තුරේ සහ චාවලකඬේට පොලිස් ඇඳිරි නීතිය

වහාම ක‍්‍රියාත්මක වන පරිදි කල්මුනේ, සමන්තුරේ සහ චාවලකඬේ ප‍්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

පොලිසිය, යුද්ධ හමුදාව සහ විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව කල්මුනේ ප‍්‍රදේශයේ අද සවස දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කළ අතර එහිදී ජාතික තවුහිත් ජමාත් ත‍්‍රස්තවාදීන්ගේ අවි ගබඩාවක් ද සොයා ගෙන තිබේ.

මෙම සෝදිසි කිරීම් අතර තුර ආරක්ෂක අංශ සහ සහරාන් හෂීම් කල්ලය අතර වෙඩි හුවමාරුවක් ද සිදුව තිබේ. මෙම මෙහෙයුම අඛණ්ඩව ක‍්‍රියාත්මක කරමින් තිබෙන බව ආරක්ෂක අංශ සඳහන් කරයි. මේ අතර අද දිනයේ දී ප.ව 10.00 සිට හෙට පෙ.ව 04.00 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor