අක්මාවත් රැකගත යුතුයි

අද බොහෝ දෙනා මහන්සි වෙන්නේ වකුගඩු, හෘදය රැක ගන්න. ඒ දියවැඩියාව වගේම හෘද රෝගත් සුලභ රෝග නිසයි. ඒත් වෛද්‍යවරු නම් කියන්නේ ‘අක්මාවත්’ ඒ වගේම බොහෝම ප‍්‍රවේශමෙන් රැුකගත යුතුයි කියලයි.

කොහොම වුණත් අක්මාව රැුක ගන්න එක බොහොම පහසුවෙන් කළ හැකියි. බෙහෙත් නොබී කටට රස එළවළු, පලතුරු වගේම පානයන් කිහිපයක් නිතර දෙවේලේ පාරිභෝජනය කිරීම පමණක් අක්මාව රැුක ගැනීම සඳහා අවශ්‍ය වෙන්නේ.

වෛද්‍යවරු කියන ආකාරයට අක්මාව රැුක ගන්න බල ඇණිය වන්නේ ලංකාවේ බොහොම සුලභ පලතුරු වන අලිගැටපේර, දෙහි/ ලෙමන්, කජු, වොල්නට්, වගේම ඇපල්, ඔලිව් තෙල්, සුදුලූනු, බීට්, කොළවර්ගථ ග‍්‍රීන් ටී, කහ, ගේ‍්‍රප් ෆෘට් සහ ජනප‍්‍රිය හා සුලභ එළවළුවක් වන බණ්ඩක්කා.
මේවා බෙහෙත් තරම් ගණන් නෑ වගේම බෙහෙත් වගේ තිත්තත් නැහැ. ඉතිං වඩා පහසු මොකක්ද කියලා ඔබව තීරණය කරන්න.

සටහන – මධුභාෂිණී උරේෂා

Recommended For You

About the Author: Editor