රාති‍්‍ර තැපැල් දුම්රිය අද සිට යළි ධාවනයට

දින අටකට පසු රාති‍්‍ර තැපැල් දුම්රිය අද (29) සිට යළි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ ප‍්‍රකාශ කරයි.

බෝම්බ පිපිරිම් හේතුවෙන් රාති‍්‍ර තැපැල් දුම්රිය පසුගිය 21 වනදා සිට තාවකාලිකව නතර කිරිමට බලධාරින් පියවර ගත්තේය.

කොළඹ – බදුල්ල සහ කොළඹ – කන්කසන්තුරය අතර දුම්රිය හතරක් ධාවනයට එක් කිරිමටයි නියමිත.

කෙසේ වෙතත් කොළඹ – මඩකලපුව , ති‍්‍රකුණාමලය – කොළඹ සහ කොළඹ – තලෙයිමන්නාරම අතර රාති‍්‍ර තැපැල් දුම්රිය තවදුරටත් ධාවනය නොවන බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී ටී එල් වික‍්‍රමරත්න මහතා සදහන් කරයි.

Recommended For You

About the Author: Editor