වීසා නොමැති සියලූ විදේශිකයින් වහාම රටින් පිටමං කිරීමට පියවර

වීසා නොමැතිව මෙරට රැඳී සිටින සියලූම විදේශිකයින් වහාම රටින් පිටමං කිරීමට පියවර ගන්නා ලෙස ඇමැති ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා ආගමන විගමණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

ආගමන විගමණ නීති උල්ලංඝනය කරමින් විදේශිකයින් විශාල පිරිසක් මෙරට රැඳී සිටින බව හඳුනා ගෙන ඇති අතර එයින් විශාල පිරිසක් ඉස්ලාම් පාසල්වල සේවය කරන බව ද හඳුනා ගෙන ඇත. ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත කිරීමට මෙම පිරිස් වෙතින් විශාල අනුබලයක් ලැබෙන බවට පසුගිය පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු දැඩි චෝදනා එල්ල විය.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනමින් මෙම පියවර ගන්නා බව ඇමැති වජිර අබේවර්ධන මහතා අවධාරණය කළේය.

මේ අතර රටපුරා සිදුවන සෝදිසි කිරීම්වලදී ද වීසා නොමැතිව රැුඳී සිටි විශාල පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර විශාල පිරිසක් නයිජීරියානු ජාතිකයින් බව ද වාර්තාවේ.

Recommended For You

About the Author: Editor